Sunday, June 3, 2018

කෙලෙස අභිනික්මන් කරම් දෝ....??


කෙලෙස අභිනික්මන් කරම් දෝ.....







ගියත් නික්මී සිදුහතුන් ගිහි ගෙදර විඳි සැප දුක කියාරකින්නට සිටියා බිසෝ-පුතුඔවුන් රජ කුලයේ නිසා............
සියල් බැමි බිඳලන්ට සිතුවත්සසර බැඳි හුය සිඳ දමාසසර කෙතරම් රුදුරු වුවමා යන්නෙ කෙලෙසද හැර දමාකවුරු රකීදෝ? නපුරු නොවේදෝ?මගෙ සොඳුරිය සහ දරු දැරියෝ.........
සසරට නොදෙවෙනි ගොරතරබව බෑ උසුලන්නට උන් හට තනියේපා උසුලන්නට බැරි තරමට හදඋන්ට නැමී බරවී යන්නේඅභිනික්මන් කර යන්නේ කෙලෙසදඅසරණකම සියොළගේ වෙසෙන්නේදෙගුණ තෙගුණ වී සිදුහත් මා අදඔබට වඩා දුක් ගිනි උහුලන්නේ......

Ashani Indushika

සිංහල සාහිත්‍යයේ නිරූපිත හෙළ වෙදකම හා බුදු දහම   දේශීය වෙදකමෙහි ආරම්භය පිළිබදව නිශ්චිත දින වකවානු දැක්විමට අපොහොසත් වුවත් ජනප්‍රවාද හා ...