Sunday, July 29, 2018

වකුගඩු රොගයෙන් ආරක්ශා වීම

වකුගඩු රොගයෙන් ආරක්ශා වීම සදහා ගත යුතු ආහාර

වකුගඩු රෝග හැදෙන්නේ අපට ආවේණික ආහාරවලින් ඉවත් වීම නිසයි
කෘෂි කාර්මික රටක් වූ ශ්‍රී ලංකාවේ එකල වැඩි වශයෙන් සිටියේ ජවසම්පන්න නිරෝගී ගොවීන්ය. එහෙත් වර්තමානයේ අපේ ගොවි පරපුර වකුගඩු රෝගයකට ගොදුරු වී රෝගීව සිටිති. රෝගය උත්සන්න වන තෙක්ම බොහෝ විට රෝග ලක්ෂණ ප්‍රකට නොකරන වකුගඩු රෝගයේදී බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් නිශ්චිත ප්‍රතිකාරයක් හඳුනා ගැනීමට සමත් වී නැත.

ඔබ වකුගඩු රෝගියකු හඳුන්වන්නේ කොහොම ද?

වකුගඩු රෝගියකු යනු වකුගඩු පමණක් නරක් වූ රෝගියකු නොවේ. වකුගඩු රෝගියකු යනු සම්පූර්ණයෙන් ශරීරය රෝගී අයෙක්. පුද්ගල සිරුරේ ප්‍රකෘතිය ආහාරපාන හේතු කොටගෙන වෙනස් වෙනවා. ප්‍රකෘතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. වාපිත් සෙම් කෝපවීම සප්ත ධාතු ගතවීමෙන් පුද්ගලයා රෝගී කරනවා. එවිට මුළු සිරුරම රෝගී වෙනවා. වකුගඩු රෝගියකුගේ මානසික තත්ත්වයත් වර්ධනය වෙන්න ඕන. වර්තමානයේ වකුගඩු රෝගියකු වීම මරණය ළංකර ගැනීමක් ලෙස සැලැකීමටත් සමහරු පුරුදු වී සිටිනවා. ඒ නිසා එවැනි අයගේ මානසික තත්ත්වයත් රෝග නිවාරණය සම්බන්ධයෙන් වැදගත් වෙනවා. වකුගඩු රෝගියකු නිසි ආහාර රටාවක් පිළිපැදීම වැදගත්. වකුගඩු රෝගියකු නොවූ නිරෝගී පුද්ගලයන් නිසි ආහාර විහරණ පවත්වාගෙන යාමෙන් රෝග ඇතිවීම වළක්වා ගත හැකි වෙනවා.

වකුගඩු රෝගියකු හඳුනා ගන්නේ කෙසේ ද?

වකුගඩු රෝගියකුගේ රෝගී තත්ත්වය හඳුනා ගන්නා විට වකුගඩු 80% ක් අක්‍රිය වෙලා. රජරට වකුගඩු රෝගයේදී කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒත් ඇතැම් පුද්ගලයන්ට කෑම අරුචිය, මහන්සිය (වැඩ කළත් නොකළත් වෙහෙස දැනීම) ඇඟ කැසීම, කොන්දෙ කැක්කුම, බඩ පිපීම, අතපය ඉදිමීම හා වැඩිපුර හෝ අඩුවෙන් මුත්‍රා පිටවීම වැනි රෝග ලක්ෂණ පෙන්වනවා. රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් එය සුව කිරීමේ හැකියාව තිබෙනවා.

වකුගඩු රෝගයේ දී රෝග ලක්ෂණ පැහැදිලි නැත්නම්, තමන් රෝගියකු බව හඳුනා ගෙන මුල් අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු වන්නේ කෙසේ ද?

ඔබ සිටින්නේ රෝගය බහුලව පැතිර යන ප්‍රදේශයක නම් මාස 3 කට හෝ 6 කට වරක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් ලේ හා මුත්‍රා පරීක්ෂා කරවාගන්න ඕන. ඉන් මුල් අවස්ථාවේ රෝගය හඳුනා ගැනීමෙන් ඉක්මනින් සුවකර ගැනීමේ හැකියාව ලැබෙනවා. රෝගය කාලයක් තිස්සේ ශරීරය තුළ තිබී සප්තධාතු ගතවීමෙන් පසු රෝගය සුව කිරීමට ගතවන කාලය වැඩියි.

දේශගුණික තත්ත්වයත් මේ රෝගයට බලපෑම් කරනවා ද?

ඔව්. අනුරාධපුර වැනි උෂ්ණය අධික පළාත්වල ලේ ධාතුව කෝප වෙන අවස්ථාවන් ගෙන් වැළැකි සිටිය යුතුයි. ශරීරයෙන් වැඩි ජල ප්‍රමාණයක් පිටවෙද්දී වැඩි ජලය ප්‍රමාණයක් පානය කිරීම, දියරමය ආහාර වැඩිපුර ගැනීම ජලය බහුල කොමඩු කැකිරි පිපිඤ්ඤා වැනි ආහාර ගන්න ඕන. කොහොම වුණත් මේ රෝගයට දේශගුණය මෙන්ම ආහාර රටාවත් බලපෑම් කරනවා.

අද රටපුරා පැතිර යමින් පවත්නා වකුගඩු රෝගී තත්ත්වය ඔබ හඳුනාගෙන තිබෙන්නේ කොහොම ද?

ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ඉන්ද්‍රිය වකුගඩුවයි. ශරීරයේ එකතු වන විෂ පදාර්ථ ශරීරයෙන් ඉවත් කරනු ලබන්නේ වකුගඩුව මඟින්. ශරීරයට විෂ පදාර්ථ එකතු වන ප්‍රමාණය වැඩිවීමත් සමඟ වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. අද මිනිස් සිරුරට ඇතුළු වන විෂ පදාර්ථ ප්‍රමාණය වැඩියි. ආහාරපාන හා ඖෂධ හරහා මිනිස් සිරුරට විෂ පදාර්ථ එක් වෙනවා. අතීතයේදී මේ විෂ පදාර්ථ ඉවත් කර ගැනීමට මිනිසුන් කටයුතු කළා. ඒ සඳහා මාස තුනකට හයකට වරක් විරේචන කර්ම සිදුකළා. එම විරේචන කර්මයේදී අපි නොදැනම අපගේ සිරුරෙහි ඇති විෂ පදාර්ථ ඉවත් වුණා. දැන් මිනිස් සිරුරෙහි අසීමිතව විෂ තැන්පත් වෙනවා. හේතුව විරේචන කර්ම ක්‍රමානුකූලව සිදු නොකිරීමයි.

සතියකට දවසක්වත් තැම්බුම් හොද්දක් දැන් බොන්නෙ නෑ. අග්නිකාරක (කුසගින්න වඩවන) තැම්බුම් හොද්ද මඟින් ආහාර දිරවීම වර්ධනය කරනවා. එමෙන්ම ආහාර මාර්ගයේ ඇති අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. ඉස්සර අය ආහාර ගැනීමෙන් පසුව බුලත් විටක් හැපුවා. එයට බුලත් සාදික්කා ඉඟුරු පියළි, වසාවාසි, වළඟසාල් කරදමුංගු, කරාබුනැටි ආදි සුවඳ කාරක රස කාරක ඇතුළත් වුණා. එමඟින් ශරීරයේ උත්තේජනය වී ආහාර දිරවීමේ හැකියාව වර්ධනය වුණා. ඒත් අද බුලත්විට සැපීමත් අඩුවෙලා.”

ආහාර දිරවීමේ කාර්යය පහසු කරන ද්‍රව්‍ය අතර තුනපහ හෙවත් සරක්කු ඉතා වැදගත්. නිවැරැදි ලෙස තුනපහ ආහාර සැකැසීමට එකතු කර ගැනීමෙන් කුසගින්න වඩවා ගැනීමට ආහාර රසවත් කර ගැනීමට, බෝ නොවන රෝග වලින් වැළැකී සිටීමට ඉඩකඩ සැලැසෙනවා. මිරිස් තුනපහ අඹරා ගැනීමේ දී හා කොටා ගැනීමේ දී එහි ගුණ වෙනස් වෙනවා. දැන් අපි බොහෝ දෙනෙක් කන්නේ වෙළෙඳපොළෙන් ගන්නා තුනපහ. ඒවායේ මොනවා තියෙනව ද කියලා කවුද දන්නෙ.

අපේ පැරැන්නන් විරුද්ධ ආහාර එකට ගත්තේ නැහැ. ගොඩ දියමස් එකට අනුභව කළේ නැහැ. මස් සහ මුදවපු කිරි එකට ආහාරයට ගත්තේ නැහැ. ඒත් අපි මස්, මාළු, කිරි තුනම එකවර එකම ආහාරවේලට ගන්නවා. විරුද්ධ ආහාර නිතර නිතර එකට අනුභව කිරීමෙන් ශරීරය තුළ නිපදවෙන විෂ පදාර්ථ ප්‍රමාණ වැඩි වෙනවා. එම විෂ ඉවත් කිරීමට සිදු වන්නේ වකුගඩුවලටයි.

ඉස්සර මිනිස්සු වෙහෙස මහන්සි වී වැඩ කළා. ශරීරයේ විෂ දහදිය මඟින් පිටවුණා. දැන් ඒ කාර්යය සිදුවන්නෙත් නැහැ. ශරීර ගතවන විෂ පදාර්ථ නිසි ලෙස ඉවත් නොවීම හා එසේ ඉවත් කර දැමීමට අනුගමනය කළ දේශීය සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රියාවලිය අඩපණ වීම වකුගඩු රෝගය පැතිර යාමට හේතු වී තිබෙනවා. අපගේ ආහාර විධි වෙනස් වීම හා ආහාර රටාව වෙනස් වීම ද රෝගී තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා.

මොකක්ද මේ ආහාර රටාව වෙනස්වීම?

ඉස්සර අය ආහාර ලෙස එළවළු පලතුරු පලා ධාන්‍ය හා අල වර්ග දෙසිය විස්සකටත් (220) වැඩි ප්‍රමාණයක් භාවිත කළා. ඒත් අද ආහාර රටාව හරිම සරලයි. මස් මාළු වර්ග කිහිපයකට උඩරට හා පහතරට එළවළු කිහිපයකට සීමා වී තියෙනවා. පුළුල් ආහාර සංස්කෘතියක සිටි අපේ අය ඉතා පටු ආහාර සංස්කෘතියක කොටුවීම මේ රෝගී තත්ත්වයට හේතු වී තියෙනවා.

අද තේ කෝපි හෝ පැණි බීම භාවිත කරන අය ඉස්සර ඉරමුසු, පොල්පලා, බෙලිමල්, බෙලිකටු, නීර මුල්ලිය, රණවරා තැම්බු වතුර මෙන්ම පලතුරු යුෂ ද භාවිත කළා. අද ඒ රසවත් පානයන් ගෙන් ඈත්වීම නිසා කුසගින්න ඇතිවීම ශරීරයේ විෂ ඉවත්වීම හා ශරීරය උත්තේජනය වීම වැනි ඒවා නිසි ලෙස සිදුවන්නේ නැහැ.
කැකිරි පිපිඤ්ඤා තියඹරා, කොවක්කා කොමඩු පොල්පලා නීරමුල්ලිය ආහාර වේලෙන් ඉවත් වෙලා. පොල්පලා නීරමුල්ලිය මුත්‍රා වැඩි ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් කිරීමට සමත් වෙනවා. ඒ සමඟ ශරීරගත වූ විෂ පදාර්ථ ඉවත් වීම සිදු වෙනවා මේ ද්‍රව්‍ය ආහාර පාන ලෙස නොගැනීමෙන් ශරීරයේ පිරිසුදු වීමේ ක්‍රියාවලිය අඩපණ වෙලා. එය වකුගඩු රෝගය උත්සන්න වීමට උපකාර වුණා. ඒවා සතියකට වරක් හෝ දෙවරක් ආහාරපාන ලෙස ගැනීමෙන් රෝගී පුද්ගලයන් නිරෝගී වීමටත්, නිරෝගී පුද්ගලයන්ගේ සෞඛ්‍ය සංරක්ෂණයටත් උපකාරී වෙනවා.

ආහාර සංරක්ෂණ විධි වෙනස් වීම ගැනත් ඔබ කිව්වා.

ඔව්. ඉස්සර අපේ අම්මල කොස් තැම්බුවොත් අඹ හොද්දක් උයනවා. ඉන් ආහාර දිරවීම පහසු කළා. පැණි රස ආහාර අධිකව ගන්නා කාලයට කටුක හා තිත්ත රස ආහාරපාන ගත්තා. මේ නිසා පැණි රස ආහාරයේ බලය අඩු වුණා. කඩල ආහාරයට ගනිද්දී පොල් එකතු කළා. ඉන් කඩල දිරවීම පහසු කළා. අප ගන්නා ඇතැම් ආහාර මුත්‍රා පද්ධතිය පිරිසුදු කරනවා. ඒ අතර පොල්පලා කැකිරි පිපිඤ්ඤා රාබු මුරුංගා විශේෂයි. අප ඒ ආහාර අතහැර දැම්මා. උදාහරණයක් ගත්තොත් ඉස්සර කැකිරි උයද්දී කැකිරි ඇට පොල් සමඟ අඹරා වෑංජනයට එකතු කළා. ඉන් කැකිරි ඇටවල ඇති මුත්‍ර ව්‍යුහය (මෞත්‍ර පද්ධතිය) පිරිසිදු වීමේ රසායන ශරීරගත වුණා. ඒත් අපි දැන් කැකිරි ආහාරයට ගනිද්දී ඇට ටික විසිකර දමනවා. ඉතින් කැකිරි ආහාරයට ගැනීමේ අරමුණු ඉටුවන්නේ නැහැ. කැකිරි ඉතා හොඳින් වකුගඩු පිරිසුදු කරන ආහාරයක්.

ඔබ ආහාර දිරවීමේ හැකියාව ගැන කතා කළා. එය රෝගයට බලපෑම් කරන්නේ කොහොම ද?

ආහාර දිරවීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ නිසා තමන්ට ප්‍රමාණවත් ආහාර ගැනීම අවශ්‍ය වතුර ප්‍රමාණය පානය කිරීම වැදගත්. ආහාර දිරවීමෙන් පසු නැවත ආහාර ගැනීම මඟින් ආහාර දිරවීම හොඳින් පවත්වාගත හැකි වෙනවා. ආහාරවල ඇති පෝෂ්‍ය කොටස් නිසි ලෙස ශරීරයට උරා ගැනීමෙන් පසු පිටවන මළ ජලයේ පා වෙනවා. ඉන් ඔබගේ නිරෝගී භාවය පිළිබඳව ඔබටම අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා.

වකුගඩු රෝගයේදී ආහාර ගැන සැලකිලිමත් විය යුතුම ද?

පුද්ගලයා ජීවත්වන ප්‍රදේශයේ වැවෙන ආහාරපාන වර්ග භාවිත කිරීම ඉතාම වැදගත්. ප්‍රදේශයේ ඇති ආහාර ගැන නොසලකා රසකාරක යෙදූ කෘතිම හා ක්ෂණික ආහාරවලට යොමුවීමෙන් පුද්ගලයා රෝගී අයකු බවට පත් කරනවා. මෙය වකුගඩු රෝගීන්ට පමණක් බලපාන්නක් නොවේ.

ඔබ කියන ආකාරයට ආහාර විහරණයන්ම ද වකුගඩු රෝගයට හේතු වන්නෙ?

නැහැ. ආහාර කල් තබා ගැනීමට භාවිත කරන විෂ ද්‍රව්‍ය, කෘෂි රසායන ද්‍රව්‍ය, කෘමිනාශක ඊට බලපානවා. මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව හීනවීම හා ධර්මානුකූල ජීවිතයක් ගත නොකිරීම ද රෝගි වීමට හේතුවක්. රජරට වාරි පද්ධතිය හා පරිසර පද්ධතිය බිඳ වැටීම විශේෂයි. ඉස්සර වැව් ආශ්‍රිතව පැවැති ජල පිරිපහදු ක්‍රමවේදය වූ විෂ උරාගන්නා ශාක සිටුවීම හා “කට්ටකඩු වැව” (කුඩා වැව) වර්තමානයේ දකින්න නැහැ. එනිසා වැව් ජලය සමඟ මිශ්‍ර වූ විෂ ඉවත් වීමේ ක්‍රමවේදය අද නැවතිලා. විෂ සහිත ජලය පානය කිරීමෙන් එම විෂ ශරීරයේ තැන්පත් වී රෝගී ලක්ෂණ පහළ කරනවා.

මිනිසා ස්වාභාවික ජීවන රටාවෙන් හා දේශීය සංස්කෘතියට ආවේණික ආහාරපාන භාවිතයෙන් ඈත්වීම අද මෝස්තරයක් බවට පත්ව තිබේ. කැලරි හා පෝෂණය පිළිබඳව කතා කළත් ආහාරයේ ඖෂධීය ගුණය අමතක කර දැමීමට අපි පුරුදු වීමු. විද්‍යාව හා පර්යේෂණ සමාජ ප්‍රගමනයට උපකාරී වුවද දේශීය ආහාර විහරණ හා රටාවන් පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතු කාලයට අපි එළඹ සිටිමු.


Tuesday, July 24, 2018

කොටි ලෙන 🐅 🐅

         කොටි ලෙන 🐅 🐅 



  හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වලස්මුල්ල වරාපිටිය ග්‍රාම සේවා වසමේ පිහිටි සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය වලගම්බා රජ දවස ඉදි කරන ලද ඉපැරණි සිද්ධස්ථානයකි. පොදු මහත් ජනතාවගේ ආදරයට ලක් වූ මෙම පුද සුනෙහි මහානුභාව සම්පන්න ඉපැරණි දෙවොල් කිහිපයක් ද විය. දෙවියන්ගේ පිහිට පතන ජනී ජනයාගේ සිතුම් පැතුම් ඉටු කරවා දෙන බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ අනසක පවතින මෙහි දෙවියන්ට බාර හාර වීම් පවා සිදු කරනු ලබයි. දෙවියන්ගේ පිහිට පතන ජනතවගේ සිතුම් පැතුම් ඉටු කර දෙන මහානුභාව සම්පන්න බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවියන් කෙරෙහි ගම්මු දැඩි විශ්වාසයක් දක්වයි.

මෙකී ප්‍රදේශයේ ජීවත් වූ සියදෝරිස් ඉතා දුක් මහන්සියෙන් තම ජීවන වියදම සොයා ගැනීමට පැගිරි තෙල් සදා විකිණීම සිදු කලේය. ඔහු පවුලේ දරුවන් සිව් දෙනා ද තම බිරිද ද රැක බලා ගත්තෙ මෙකී වෙළෙඳාමෙනි. එක් දිනක් සියදෝරිස් හට තම බිරිදගේ හදිසි අසනීපයක් හේතුවෙන් ග්‍රාමීය රෝහලට යාමට සිදු විය. ඒ වන විට රෑ බෝ වී තිබුනත් දරුවන් සිව් දෙනාගෙන් වැඩිමල් කොලුවාට දොර අගුලු ලා ගෙන සිටින්නට යැයි කියා දෙමහල්ලෝ රෝහල කරා පිටත් විය.

"නංගි අම්මලා එද්දි රෑ වෙයි අපි එතකන් නිදා ගමු "
"අම්මට ඉක්මනට හොද වෙයි නේද අයියණ්ඩි..."
"ඔව් ඔව් අපි නිදාගමු..."


මෙසේ කතා බහ කරන අතර දරුවන් නින්දට වැටුනේ ඔවුන්ට නොදැනුවත්වමය. මේ වෙලාවෙදි ගෙදරට කඩා වැදුනු මහතුන් සියදෝරිස්ගේ පැගිරි තෙල් ගබඩාවෙන් පැගිරි තෙල් ගැලුම් සොරා ගන්නට විය. මහතුන් ගමේ සිදු වූ සොරකම්වලට සම්බන්ධ වූ අතර ඔහු නිතර ගමෙහි රැදෙන්නේ ද නැත. ඔහු ගමෙන් පිටස්තරයෙකු ලෙස ජීවත් වෙයි. නමුත් ඔහුගේ බිරිද සහ දරුවන් අහිංසක මිනිසුන් ය. 

සියදෝරිස්  බිරිදගේ අසනීපයට බෙහෙත් රැගෙන නිවසට පැමිනෙන විට එලිය වැටී තිබුනි. නිවසට පැමිණි සියදෝරිස් පැගිරි තෙල් ගබඩාවට ගියේ තමාගේ සිතෙහි ඇති වූ කැළබිලි සහගත බවක් නිසයි. සියදෝරිස් සිතෙහි ඇති වූ සැකය නිවරදි බව දුටු විට ඔහුට කෑ ගැසුනේ ඉබේටම ය.

"මේ ඇහුනද ළමයින්ගෙ අම්මේ...
කව්ද මෙ නස්පැත්තිය කොරන්ට ඇත්තෙ..?"

තම සැමියාගේ කෑ ගැසීමට බිය වූ සිරියාවතී තම අසනීපය පසෙකලා දිව අවේ වෙව්ලමින් ය.
"අනේ මක් වෙලාද ඔහේ මේ මොර දෙන්නෙ..."
"බලපන්කො ළමයින්ගෙ අම්මේ මේ අපේ පැගිරි තෙල් ගැලුම් 10ක් ම නැති වෙලා. මං බේත් ගන්න කලින් ගැනල ගියේ. මට තිබ්බ තකහනියට ගබඩාවෙ දොර වහල ගිහින් නෑ නොවැ. "
"අනේ උඩ ඉන්න දෙවියනේ අපි දිහා බලන්න දෙවියනේ... සතා සිවුපාවෙකුටත් කරදරයක් කරන්නෙ නැති අපටම මේම කරන්නෙ ඇයි...."

"ලොකු පුතේ උබටවත් ඇහුනෙ නැද්ද ගබඩාවෙන් සද්දයක්වත්....."
"අනේ අප්පොච්චි අපිට නින්ද ගොහින්නෙ....."


සිරියාවතීගේ හා සියදෝරිස්ගේ අදෝනාව මුලු ගමටම ඇසුනි. ගම්මු කඩිමුඩියේ නිවස ලගට රොක් විය. 
සියදෝරිස්හට සිදු වූ අකරතැබ්බය ගැන ගම්මු දුක් විය. එසේම හොරකම කලේ කවුද යැයි සිතා ගන්නට කාහටත් නොහැකි විය.


සියදෝරිස් සහ සිරියාවතී යන දෙදෙනා තමන්ට වූ විපත්තිය ගැන සිත්තම්ගල්ලෙන රජමහා විහාරයේ බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවොලට ගොස් දෙවියන් ඉදිරියේ කියා පෑවේ ය.

"රජ්ජුරුබණ්ඩාර දෙවියනේ අපේ ජීවිතේ ගැට ගහ ගන්න අපි කොරන්නෙ මේ පැගිරි තෙල් වෙලදාම.අනේ දෙවියනේ අපි දුක් මහන්සියෙන් හදා ගත්ත පැගිරි තෙල් හොරකම් කරල දෙවියනෙ.......මගේ පැගිරි තෙල් හොරකම් කරපු එකාව පෙන්නුම් කරන්න දෙවියනේ..."


සියදෝරිස් දෙවියන් ඉදිරියේ තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කලේ හඩා වැලපෙමින්.
එදින හවස් යාමය වන විට මෙකී සිද්ධිය ගම පුරා පැතිරී ගියේය. මේ ඇසූ ගම් වැසියෝ ඉතා දුකට පත් විය.

"අර සියදෝරිස්ගෙ පැගිරි තෙල් ගැළුම් හොරකම් කරල කියන්නෙ ඇත්තද බොල…"
ගමේ කඩේ මුදලාලි ගම් වැසියෙක් වූ සුගතන්ගෙන් ඇසුවේය.
"ඔව් මුදලාලි උන්දැ දාඩිය මහන්සියෙන් කොරන රස්සාව නොවැ..."
"මේ රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගෙ අඩවිය ගමේ මොකා ඕක කරත් තව ටික දවසකින් කාට කාටත් දැනගන්න ලැබේවි..."
"ඒක නම් හැබෑව බන්"

ගමෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම මේ පැගිරි තෙල් සොරකම ගැන කතා කෙරුණි. සොරකම සිදු කල මහතුන්ට ද ආරංචිය කන වැකුණි. ඔහු බියෙන් තැති ගෙන සිටිය ද එය අනෙක් අයට කිසිවක් නොතේරෙන ලෙස සිටියේය. ඔහු ඒ වන විට පැගිරි තෙල් නගරයට ගොස් විකුණා හමාරය. 
එදින හවස් වන විට ගමේ තවත් කලබලයක් ඇති විය. ගමේ එක් නිවසක 
අවුරුදු 3ක් වයසැති කුඩා දියණියක් අතුරුදන් වීමේ සිදු වීමක් ගම පුරා පැතුරුණි. කිරිඑතනාගේ හා මහතුනගේ කුඩා දියණිය මෙසේ අතුරුදන් වී තිබුණි. කිරිඑතනා සහ මහතුන් බොහෝ සෙයින් කලබලයට පත් වු අතර අඩා වැලපෙන්නට විය.


"ලොකු දුවේ උබ නංගිව දැක්කයි.."
"නෑ අම්මේ මම් ඒකිව දැක්කෙ නෑ හුග වෙලාවකින් මම් හිතන්නෙ අම්මේ ඕකි කොහේටහරි වෙලා සෙල්ලම් කරනව ඇති."
"නෑ බං ඒකි හුග වෙලාවකින් දැක්කෙ නෑ
ඩිංගිත්තක් බලපං ඔය වත්ත පහලට ගොහිල්ල..."

කුසුමා වත්ත පහලට ගොස් තම නැගනිය සිටීදැයි සෙව්වද ඇයව සොයා ගැනීමට නොහැකි විය.
"අම්මේ ඒකි වත්ත පහලත නෑ නොවැ..?"
"අනේ දෙවියනේ මේකි කොහේ මකබෑ වුනාද? අනේ බලපන් කුසුමෝ තව ඩිංගක් මගේ පපුවත් රිදෙනව බං..."
"නෑ අම්මේ නෑ මං හැමතැනම හෙව්ව
බලපන්කො උබලගෙ අප්පච්චි පේන්න ඉන්නවද කියල..."

"අප්පොච්චි අප්පොච්චි"

"මේ ඇහුනයි අපේ පොඩි එකී පේන්නවත් නෑ නොවැ..."

මුලු ගමම කිරි එතනාගේ විලාපයෙන් තැති ගත්තාය. ගම්මු රොක් වී දැරිය සෙව්වද සොයාගන්නට නොහැකි විය. නමුත් ඔවුන්ගේ නිවස වටා බැද තිබූ ඉනි වැටේ ඉන්නක් ගැලවී තිබීම ගම්මුන්ගේ සැකයට හේතු විය.
"මහතුන් බලපන්කො මේ වැටේ ඉන්නක් ගැලවිලා ගිහින් තියන විදිය."
ගම් වැසියෙක් මහතුන්ට පැවසුවේය. මහතුන් තමා කල සොරකම සිතෙහි රදවාගෙන තම දැරිය සොයන්නට වූයේ බියෙනි.
මේ අතර සියදෝරිස් සහ සිරියාවතී තම දුක් ගැනවිල්ල නැවත නැවත දෙවියන්ට කියන්නට වූයේ ඇඩූ කදුලෙනි.

කිරි එතනාද දරු දුක වාව ගැනීමට නොහැකිව හඩා වැලපෙන්නට විය.

"අනේ බලපන්කො බං මගේ හීන් කෙල්ල හොයල දෙන්ඩකෝ... මට වෙන මොකුත් එපා කෙල්ල හොයල දෙන්ඩ... අනේ දෙවියනේ මේ ලෝකෙ දෙවියො වැඩ ඉන්නවනම් මගේ කෙලීව හොයල දෙන්න දෙවියනේ...."

කිරි එතනා සැනසීමට ගමෙ කාන්තාවන් කිහිප දෙනෙක් උත්සහ කරද එය අසාර්තක විය.
කිරි එතනා බලා ගත් අත බලා සිටින විට ඇය දුටුවේ කොටියෙකුගේ අඩි මිදුලේ ඇති ආකාරයයි. කොටියාගේ පා සලකුණු දුටු කිරිඑතනා ක්ලාන්ත වී බිම ඇද වැටුණි. 
නිවසට පැමිණ සිටි පිරිසද කොටියාගේ පා සලකුණු දැක බියෙන් තැති ගත්තේ දරුවා ගැන සිතමිනි.


"නැන්දේ මං දැක්ක සීය කෙනෙක් නංගි  වඩා ගෙන ඉන්නවා. "
අසල නිවසේ කුඩා දැරියක් එසේ පැවසුවද කිසිවෙකුට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය.
"අනේ හුරතල් කෙලි පැටික්කි... ඒකිට මොකද වුනේ..."

ගම් වැසියන් දුකට පත් විය.
කිරි එතනාට සිහිය ආ විගස ගමේ කිහිපදෙනෙක් මහතුන් ද කැටුව සිත්තම්ගල්ලෙන රජමහා විහාරයේ බටහිර රජ්ජුරුබණ්ඩාර දේවාලයට බාරයක් වීමට පිටත් විය. එහෙත් දෙවොල අසලදී බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවොලට අරග්ගත් නාගයා ඔවුන්ට දේවාලයට යාමට ඉඩ දුන්නේ නැත.


"ඇයි දෙයියනේ මේ නයා අපිට දේවාලෙට යන්න දෙන්නෙ නැත්තෙ."

කිරිඑතනා මහ හයියෙන් අඩන්නට විය. එයට හේතුව තම ස්වාමියා සිදු කල සොරකම බව ඇය දැන සිටියේ නැත.
මහතුන් ද තමා කල වරද සිතේ දරා ගෙන බියෙන් හඩා වැලපෙන්නට විය.
ඔවුන් නැවත නිවසට පැමිණ හොදින් නා කියා ගෙන පිරිසිදු වී සුදු ඇදුම් ඇද විහාරස්ථානයට ගොස් අම්පනාගල මේධාලංකාර හාමුදුරුවන්හට සිදු වී ඇති වින්නැහිය කියා හාමුදුරුවන් සමග දේවාලයට ගොස් අතුරුදන් වූ දරුවා වෙනුවෙන් භාර විය.
මහතුන් ඇතුලු පිරිස භාර හාර වී නැවත පැමිණෙමින් සිටියදී ගමේ එක් ඉසව්වකින් හූ හඩක් ඇසුනි.


"උබලට ඇහුනද ඒ හූ සද්දෙ...."
එවිටම තවත් හූ හඩක් ඇසුනි. සියල්ලෝම ඒ දෙසට දිව යන්නට විය.
"දෙවියො අපිට කෙලීව ඉන්න ඉසව්ව පෙන්නුම් කරලද දන්නෙ නෑ... "

ඔවුන් හූ හඩ ඇසුනු ඉසව්වට දිව ගියත් දරුවා ගැන ආරංචියක් ලැබුනේ නැත. ගම්මු දින 6 ක් පුරා දැරිය සෙව්වද කිසිම හෝඩුවාවක් ලැබුනේ නැත. හත වන දිනයද උදා විය. හිරු වෙනදාටත් කලින් පායා තිබුණි. පෙර දිනවල තිබූ පරිසරයේ තිබූ භියංකර බව පහව ගොස් තිබුණි. මෙදින ද කිරිඑතනා සහ මහතුන් ගම්වැසියන් සමග දැරිය සොයන්නට විය. සිදු වූයේ කව්රුත් නොසිතූ දෙයකි. නිවස ආසන්නයේ තිබූ ගල්ගුහාව අසල කොටියෙකුගේ පා සලකුණු දක්නට ලැබුණි. ගල්ගුහාව ඇතුලෙන් කොටියෙක්  ගොරවන හඩක් ඇසුනේ සියල්ලෝම භියෙන් තැති ගන්වමින් ය. 
කිරිඑතනා බියෙන් කෑ මොර දෙන්නට විය.


"අනේ මගේ කෙලි පැටික්කිට කරදරයක්වත් වෙලද? "

ඔවුන් ගල්ගුහාව දෙසට යාමේදී කොටියා ගොරවන හඩ ආයෙත් ඇසුනි. ගම්වැසියන් හා කිරි එතනා ද මහතුන් ද ගල්ගුහාව ඇතුලට ගියේ චකිතයෙනි. ගල් ගුහාව ඇතුලේ මුල්ලක් දුටු ඔවුන්ට අදහා ගැනීමට නොහැකි විය. 
කුඩා දැරිය ගුහාවේ මුල්ලක කොල අතුරා තබා තිබූ අතර දැරියට කිසි කරදරයක් වී තිබුනේ නැත.


"අනේ මගේ අසරණ කෙල්ල... උබව කවුද මෙහෙට උස්සගෙන  ආවෙ..."

කිරිඑතනා දරුවා සිප ගන්නට විය.
කිරිඑතනාගේ කෑ ගැසීම ඇසී එලියේ සිටි ගම්මුද ගුහාව ඇතුලට ගියේය. වරින් වර කොටියාගේ ගෙරවිලි ඇසුනත් කොටියෙක් පේන්න සිටියේ නැත.මෙය දෙවියන්ගේ දඩුවමක් බව මහතුන්ට සිතුනි. තමන් කල වරදට වන්දි ගෙවන්නට සිදු වූයේ අසරණ දරුවාටය. මහතුන්ට තමන් කල වැරැද්ද තවත් සිතේ දරා ගැනීමට නොහැකි විය.


"අනේ මට බොලාට කියන්න කාරණයක් තියනවා. උබල මේ දේ අහල මට ඕන දෙයක් කොරපල්ල... මමයි සියදෝරිස්ගෙ පැගිරි තෙල් ගැලුම් හොරකම් කරේ. මං කරපු වරදට වන්දි ගෙවන්න වුනේ මගේ අසරණ කෙල්ලට. සියදෝරිස් මට ඕන දඩුවමක් දෙන්න. අනේ මං කරපු වැරැද්දට සමා වෙන්න. මං කෝම හරි පැගිරි තෙල් ගැලුම්වල සල්ලි ගෙවන්නම්"

සියදෝරිස් දෙවියන්ගෙන් ඉල්ලූ පරිදි දෙවියන් සොරා පෙන්නුම් කරන ලදී. කිරිඑතනාට හා ගම් වැසියන්ට සිදු වූ දේ කුමක්දැයි වැටහුණි.
මහතුන් කල වරදට දින හයක් ගුහාවක් තුල දුක් විදින්නට සිදු වූයේ අහිංසක දැරියටයි.
පන්සලේ ස්වාමීන්වහන්සේ මහතුන්ට සොරකමේ ආදීනව වටහා දී මින් මතුවට එසේ නොකරන් ලෙසත් සියදෝරිස්ට සිදුකල පාඩුව ගෙවන ලෙසත් අවවාද කලේ  ගමේ හැමෝටම මෙය හොද පාඩමක් ලෙස පෙන්වා දෙමිනි.
දරුවා සිටි ලෙන අදත් කොටි ලෙන ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්ව ඇත.


මගේ අයියලා ❤️❤️❤️

මග‌ේ අයියලා..........



ඉපදුනේ මං චූටියටලු
වඩාගන්න මාව 
ඔයා ආස කලාලු
අම්මගෙන් මං දැනගද්දී
කොට්ට ගොඩක් මැද
ඔයාට මාව භාරදුන් හැටි 
ආස හිතුනා මට 
ඔය හිනාව සිහිවෙද්දී
ටිකෙන් ටික ලොකුවෙද්දි
ඔයාගේ සුරංගනාවී මං වෙද්දී
චුට්ට චුට්ට මං දඟ වෙද්දී 
ආදරේ ළඟ රැවටෙද්දී 
මගේ සැනසුම ඔයා වෙද්දී
මං දැක්කා මහමෙරක් 
ආදරේ ඔබ ළඟදී 
යන හැමතැනක 
මං පිටුපසින් පැත්තෙන් 
ඔබ ළඟ ඉද්දී 
මගේ වැරදි වලදී
තාත්තටත් වඩා 
මට සැරවෙද්දී 
මං දුක් වෙද්දී 
මගේ කඳුළු ඔයාට 
මහ බරක් වෙද්දී
දැනුනා හිතට නිම්නැති 
රැකවරණයක් ඔබ ළඟදී
දවසක ඔය තුරුලේ
ඇයට ඉඩ වෙන්වෙද්දී 
මතු මතුත් 
ඔය පපුවේ මං නිසා 
සොයුරු පෙම උතුරද්දී
දැනුනා ආඩම්බරයක් 
මං නුඹේ පණ වෙද්දී 
සත්තයි මට
ලොවක් ලැබුණු වගේ 
අයියලා ළඟ ඉද්දී.....


Ashani Indushika

Wednesday, July 11, 2018

යෝග ශාස්ත්‍රය

යෝග ශාස්ත්‍රය.......

ආයුර්වේදය  දර්ශනයක් ලෙස දකින්නේ කොතරම් අඩු පිරිසක්ද  ඊටත් වඩා අඩුවෙන් යෝග ශාස්ත්‍රයද දර්ශනයක් ලෙස දකින්නෝ වෙසෙන බව අපගේ හැගීමයි. ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයක් ලෙස පමණක් සිතා සිටින අය සේම යෝග දර්ශනය යනුද ශරීරයට පහසුවක් සලසාදෙන ශාරීරික අභ්‍යාස ක්‍රමයක් ලෙස පමණක් සිතා සිටින්නෝද බොහෝය. ලොව පුරා සේම මෙරට පුරාද පැතිරී ඇති යෝග පුහුණු මධ්‍යස්ථාන ප්‍රමාණය දකින විට සිතෙන්නේ මෙම මධ්‍යස්ථාන වලින් සැබෑ යෝග දර්ශනය කියා දි සැබෑ යෝගීන් බිහිකරන්නේ නම් පෘථිවිය කොතරම් සාමකාමී ස්ථානයක් විය යුතුද යන්නයි. එහෙත් සත්‍ය එයින් බොහෝ ඈත බව ප්‍රායෝගික තලයේදි පෙනෙන්නට තිබෙන දෙයයි. යෝග අභ්‍යාස වල නිරත වන්නන්ගෙන් බහුතරයක් දෙනා යෝග දර්ශනයේ සැබෑ අරුත හෝ අවසාන ඵලය ගැන දන්නේ නැති බව නම් පැහැදිලිය. තමාගේ එදිනෙදා ජීවිතයේදි ඇතිවන ශාරීරික හා මානසික ගැටළු වලට සහනයක් අත්පත් කර දෙන තවත් එක් වෛකල්පිත චිකිත්සා ක්‍රමයක් ලෙස පමණක් යෝග ගැන සිතන්නෝ අප අතර බහුල වෙති. සතියට දිනයක් හෝ සතියට දින දෙකක් යෝග මධ්‍යස්ථාන වලට ගොස් යෝග අභ්‍යාස වල නිරත වන සැලකිය යුතු පිරිසක් අප සමාජයේ වාසය කරති. සමහර තැනැත්තන් යෝග අභ්‍යාස වල නිරත වීම විලාසිතාවක් කර ගෙන සිටිති.  නාගරිකව වෙසෙන ධනවත් හෝ ධනවත් යැයි සිතා සිටින සමාජ වල බොහො කාන්තාවන් යෝග පුහුණු මධ්‍යස්ථාන හා සම්බන්ධ වී සිටින්නේ එය තමන්ගේ සමාජ තත්ත්වයනට ආභරණයක් කර ගැනීම සදහාය. එසේම මුදල් ඉපැයීමේ චේතනාව පමණක් අරමුණු කරගෙන බොහෝ යෝග පුහුණු මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන බවද පෙනෙන්නට තිබේ.

යෝග යනු සැබෑ ජීවන දර්ශනයකි. එහි අවසාන අරමුණ වන්නේ මෝක්ෂය නැතිනම් පරමාත්මා හා සම්බන්ධ වීමයි. එම අරමුණ කරා යෑමට සතියට දිනයක් හෝ දෙකක් නැතිනම් වැඩිම වුවොත් දිනපතා පැයක පමණ කාලයක් යෝග ආසන වල යෙදීම කිසිසේත් ප්‍රමාණ වේයැයි සිතිය නොහැක. පහසුවෙන් සහ නිශ්චිතවම කල යුතු සහ හැකි ක්‍රියාකරකම් නොකරමින් යෝග අභ්‍යාස වල පමණක් යෙදීමෙන් සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකි යැයි විශ්වාස කල නොහැක. යෝග දර්ශනය නම් වු සමස්ථ විෂයයෙන්ම යෝගාසන යනු එක් කොටසක් පමණි.

“සිද්ධාන්ත නොදැන සිදුකරණ චිකිත්සාව භයානක වන්නා සේ නිවැරදි සංකල්ප නොදැන සිදුකරන යෝග අභ්‍යාසද ප්‍රතිඵල නොදේ.“

ජිවිතයේ සැබෑ සතුට සහ සැනසීම ලඟා කරගැනීම සදහා අනුගමනය කල යුතු මාර්ගය යැයි පුරාණ ප්‍රාඥයින් තමන් විසින්ම දැඩි කැපවීමෙන් හා අවබෝධයෙන් යුතුව ප්‍රායෝගිකව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගත් දර්ශනයක් වු යෝග දර්ශනය අපගේ එදිනෙදා පුද්ගලික හා තාවකාලික ගැටළු විසඳාගැනීම සඳහා පමණක් චිකිත්සාවක් වශයෙන් යොදා ගැනීම කෙතරම් සදාචාරාත්මක හා ප්‍රඥාගෝචර දැයි අප අපගෙන්ම විමසා බැලිය යුතුය.

ආයුර්වේද දර්ශනය සේම  යෝග දර්ශනයද පෙරදිගින් ලොවට දායාද වු අගනා මිණි කැටයකි. පෙරදිග බුද්ධි මණ්ඩපයේ කේන්ද්‍රස්ථානය වු පුරාණ භාරතය යෝග දර්ශනයේ මුල බීජය රෝපණය වූ බිමයි. යෝග දර්ශනයේ ආරම්භය පිළිබඳව ඉතිහාසය සොයා යැමේදි එහි උරුමය පිළිබදව නිරාකරණය නොවූ යම් යම් සැක සංකා සහ අපහැදිලිතා හදුනා ගත හැක. කෙසේ වෙතත් යෝග දර්ශනය පිළිබදව ලියැවුණු ග්‍රන්ථයන් සේම විවිධ ආචාර්යවරුන් පිළිබදවද තොරතුරු රාශියක් ඇති බැවින් මේ පිළිබඳව යම් මතයකට පැමිණිය හැක.

මගේ අරමුණ වන්නේ මේම අද්විතීය විද්‍යාව නොඑසේනම් මොක්ෂය වෙත ලඟාවීමට සියල්ලටම වඩා යෝග්‍ය වන මාර්ගය ලෙස දක්වා ඇති යෝග දර්ශනය පිළිබදව සියළු න්‍යායාත්මක කරුණු සහ ඒවා ජිවීතයේ යහපත සදහා උපයෝගි කරගන්නේ කෙසේද යන්න පිළිබදව නිරවුල්ව සහ පිළිවෙළින් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. ආයුර්වේදයේ සේම යෝග දර්ශනයේද එක් ප්‍රධාන අරමුණක් වන්නේ කායික හා මානසික වශයෙන්  නිරෝගි පුද්ගලයෙකු බිහිකිරීමයි. එසේම ආයුර්වේදය සහ යෝග දර්ශනය යන දෙකම හින්දු ආගමේ මූලික සිද්ධාන්ත එකලෙස පිළිගැනිම දක්නට ඇත. එසේම මෙම දර්ශනවාද දෙකම වර්තමාන භෞතික සිද්ධාන්ත මත පදනම් වූ විද්‍යාවන්ද නොවේ. අද භාවිතයේ ඇති භෞතික විද්‍යා සිද්ධාන්ත වලින් පැහැදිලි කල නොහැකි වන,  එම මානයන්ට ගෝචර නොවන විද්‍යාවක් වශයෙන් ආයුර්වේදය ගැන සාකච්ඡා කෙරෙන අතර තුර එම මාර්ගයේම යන යෝග දර්ශනය ගැනද නිවැරදි අවබෝධයක් සමාජය වෙත ලබා දීමට අප අපේක්ෂා කරමු. අදුරේ අත පත ගාමින් වැරදි දේ හරි යැයි සිතමින් නිවැරදි දේ මගහැර යන සමාජයක නිවැරදි දේ වගකීමෙන් යුතුව සමාජගත කිරීමට අපවෙත පැහැදිලි සමාජ වගකීමක් ඇති බව අප උදක්ම  විශ්වාස කරන්නෙමු.
        -යෝග දර්ශනය ගැන හැදින්වීමක්-

යෝග යනු වාද විවාද සදහා කිසිදු ඉඩක් ඉතුරු කර නැති අද්වීතීය විද්‍යාවකි. පුරාණ හින්දු සමාජයේ සියලු දෙනා විසින්ම සම්මත කර ගන්නා ලද පොදු සම්මතයක් වන්නේ ‍”මෝක්ෂය ලබා ගැනීම සදහා සියල්ලටම වඩා උතුම් වන්නේ යෝග වන බවයි”. සසර නැමති තාපයෙන් තැවෙනා සත්ත්වයන් හට භාග්‍යවතුන්(ඊශ්වරයන්) සමග එකතු වීම සදහා භක්තියට හා ඥානයට ප්‍රධාන සහායකයන් වන්නේ යෝගය ම වේ.

පැරණි සෘෂිවරුන්ට ප්‍රාතිභ ඥානය පහළවීම සදහා යෝගයම ප්‍රධාන කාරණය වූ බව පැවසේ.තවද බුදු දහමේ පාලි ත්‍රිපිටකය හා සංස්කෘත ග්‍රන්ථ වල යෝග පිළීබදව කර ඇති විශිෂ්ඨ වර්ණනාවන් දක්නට ඇත. ගෞතම බුදුන් වැඩ සිටි සමයේ ජීවත් වූ ජෛන ආගමේ ශාස්තෘන් වහන්සේ වන මහාවීරයන්ද යෝගියෙක් බව සදහන්ය.

යෝග


යෝග ශබ්දය සමාධිය යන තේරුම ඇති “යුජ්” ධාතුවෙන් (යුජ් සමාධෞ) නිපැයී ඇත. එනිසා යෝග යන යෝගයේ උප්පත්තිය අර්ථය සමාධි නම් වේ. පතංජලී විසින් යෝග යන්නේහි ලක්ෂණය මෙසේ දක්වා ඇත.

“යෝගශ්චිත්තවෘත්තිනිරෝධඃ”  -සිතේ පැවතුම් වැලැක්වීම-

චිත්ත යන්නෙන් අදහස් කෙරෙන්නේ අන්තඃ කරණ (මන, බුද්ධි හා අහංකාර) හා සම්බන්ධයයි. සිත සත්ත්ව ප්‍රධාන ප්‍රකෘතියේ පරිනාමයයි. එනම් ප්‍රකෘතියෙත් පරිණාමයන්හි සියල්ලටම වඩා සත්ත්ව යන්නෙන් පහලවීම සිතේ ඇතිවෙයි. යෝග දර්ශනය පතංජලී මහාර්ෂිවරයා විසින් ආරම්භ නොකරන ලද්දක් බව පිළිගැනීමයි. මෙය ඉතාමත් පැරණි අධ්‍යාත්මික ක්‍රියාවලියකි. සංහිතා ග්‍රන්ථ වලද බ්‍රාහ්මණ වල හා උපනිෂද් වලද මේ පිළිබදව සංකේත දක්වා තිබෙන අතර සමහර තැන්වල ඒ පිළිබදව සිත්ගන්නා සුලු වර්ණනා කර ඇත. මීට අමතරව උෂාස්වාති විසින් තත්වාර්ථ සූත්‍රයේත් හේමචන්ද්‍රයන් විසින් යෝග ශාස්ත්‍රයෙහිත් ගෝරක්ෂනාථගේ නාථ සම්ප්‍රදාය ගන්ථයේත් යෝග දර්ශනය පිළිබදව විස්තර ඇතුලත් කර ඇත.  මොහන්ජොදාරෝ ශිෂ්ඨාචාරය ව්‍යාප්තව පැවති ප්‍රදේශ වල කරන ලද කැණිම් වලදී පවා යෝග මුද්‍රාවෙන් යුක්ත නොයෙක් මූර්තී හමුවි ඇති බව සදහන්ය. එනිසා යෝග වල පැරණි බවට සැකයක් ඇති කර ගත යුතු නොවේ.

පතංජලී ද? හීරණ්‍යගර්භ ද?

කෙසේ නමුත් දැනය ලැබී ඇති යෝගසූත්‍ර වල රචකයා පතංජලී මහාර්ෂීවරයායි. “යාඥවල්ක්‍යස්මෘතිය” නම් ග්‍රන්ථයේ   සදහනකට අනූව යෝගය ප්‍රකාශ කල තැනැත්තා හීරණ්‍ය ගර්භ නම් ආචාර්යවරයෙකු වන්නේය.පතංජලී යෝග පිළිබදව හුදෙක් ප්‍රතිපාදකයා සහ උපදේශකයා පමණක් වන්නේය. එනිසා ඔහු යෝගයේ ප්‍රවර්තකයා නොවන අතර ප්‍රචාරකයා පමණක් වන්නේය. කෙසේ නමුත් භාරතිය පරම්පරා වලට අනුව යෝගසුත්‍රයේ රචකයා හා ව්‍යාකරණ  මහාභාෂ්‍යයේ නිර්මාතෘ පතංජලි එකම පුද්ගලයෙකි.

යොග දර්ශනයේ ප්‍රධාන පද හතරක් ඇත. එහි සුත්‍ර  සංඛ්‍යාව 195 කි.සාමාධි, සාධන, විභූති, කෛවල්‍ය එම පද හතරයි.

1) සමාධි පාදය         -        :සමාධියේ ස්වරූපය හා භේදයන්ද සිත හා එහි පැවැත්ම ආදීය පිළිබද වර්ණානාවක් මීට අන්තර්ගතය.
2) සාධන පාදය     -            :ක්‍රියායෝග, ක්ලේශයන් හා එහි භේදයන් සහ ක්ලේශයන් දුරුකිරීමේ සාධනයන් දක්වා ඇත.
3) විභූති පාදය           -        :ධාරණ, ධාන්‍ය හා සමාධියට පසුව යෝගයන් කිරිමෙන් උපදින්නාවු සම්පත්තීන් විස්තර කෙරේ.
4)කෛවල්‍ය පාදය      -     :සම්පත්තිය ලැබීම, නිර්මාණ චින්තය, විඥානවාදය නිරාකරණය කිරීම හා කෛවල්‍ය පිළිබදව තිරණයක් කෙරේ.

තුන්වැනි පාදය අවසානයේ “ඉති” ශබ්දය යෙදීමෙන් සහ හතරවැනි පාදයෙහි  මති මතාන්තරයෙන් ඛණ්ඩනය කිරීම නිසා නොයෙක් උගතුන් අතර ඇති මතය වන්නේ පතංජලී විසින් පළමු හා තුන්වැනි පාදයන් රචනා කල බවයි. දාර්ශනික සිද්ධාන්තයන් සම්පූර්ණ කිරීම සදහා පසුකාලීන ග්‍රන්ථකරුවෙකු විසින් (භාෂ්‍යකාර ව්‍යාස) හතරවැනි පාදය රචනා කරන ලදි යැයි මතයක් ඇත. කෙසේ වෙතත් පතංජලීගේ යෝග දර්ශනය මත ලියන ලද “ව්‍යාසභාෂ්‍යය” අතිශයින් ප්‍රාමානික වු ග්‍රන්ථයක් බව පිළිගෙන තිබේ.යෝග සූත්‍ර වල සැගවුනු රහස් දැක්වීම සදහා මේ භාෂ්‍යය සෑහේන තරම් කටයුතු කර ඇත.

   මෙහි රචකයා වන ව්‍යාස යනු කවරෙක්ද?

පුරාණයන් රචනා කල ව්‍යාස මහර්ෂිවරයාට වෙනස් අයෙකු බව නිශ්චිතය. හේතුව වේදව්‍යාස ගේ කාලය ඉතා පැරණි වීමයි. එහෙත් ව්‍යාසභාෂ්‍යයේ රචකයා වික්‍රම තුන්වැනි සියවසට වඩා පැරණි නොවේ. ව්‍යාසභාෂ්‍යයේ ගඪාර්ථ ඇත. එනිසා ඒවා පැහැදිලි කර දීම සදහා වාචස්පති මිශ්‍ර විසින් “යෝගචාර්තිකය” රචනා කර ඇත.
තත්වවෛශාරදී ටිකාවේද රාඝවානන්ද සරස්වතීයේ පතංජලීගේ රහස් ඇතුලත් වේ. මේ රඝවානන්ද විශ්වේශ්වර භගවත්පාදගේ හා අද්වය භගවත්පාදගේ ශි‍ෂ්‍යයෙක් බව දැක්වේ. විඥාන භික්ෂුවගේ “යෝගවාර්තිකය”නම් ග්‍රන්ථය  පිළිබදව භාෂ්‍යයේ විවේචනය ප්‍රමාණවත් නොවේ. එහෙත් එය තත්වවෛශාරදියේ සදහන් කරුණු  පිළිබදව ද සෑහේන සමාලෝචනයක් කර ඇත.

තව දුරටත් යමින් විඥාන භික්ෂුව විසින් “යෝගසාරසංග්‍රහ” නම් ග්‍රන්ථයක යෝග පිළිබදව සිද්ධාන්තයන්ගේ සාරාංශයක් ඉදිරිපත් කර ඇත. දැනට ප්‍රසිද්ධ සාංඛ්‍ය යෝගාචාර්යවරයෙකු වූ ශ්‍රී හරිහරානන්ද ආරණ්‍ය විසින් භාෂ්‍යයට “සරස්වතී” නම් ටීකාවක් ලියා ඇත.

      යෝග කර්තව්‍ය හෙවත් පදනම-

ඥාණය ලබා ගැනීම උදෙසා පතංජලී දර්ශනයේ යෝගයේ අංග අටක් පිළිබදව විස්තර කර තිබේ. යම්තාක් ආත්මය ශරීරය හා මනසෙහි පූර්ණ අධිකාරයක් නොවූව හෝත් යමකින් ප්‍රඥාවේ උපලබ්ධියක් විය හැකිද? ඒතාක් ඔහුට ශාන්තියක් නැතහොත් නිදහසක් ලැබිය නොහැකිය. ඒ නිසා ශරීරය මනස හා ඉන්ද්‍රියන්ගේ පාරිශුද්ධත්වය සදහා අට වැදෑරුම්  සාධකයන් නිර්දේශ කර තිබේ. ඒවා පිළිවෙලින් දක්වන්නේ නම් යම, නියම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යාහර, ධාරණ, ධ්‍යාන හා සමාධි යන ඒවායි.

යම: සංයමයයි. මෙය පස් වැදෑරුම් වේ.

අහිංසා – සැමකල්හි හා සියලු අයුරින් සියලු සතුන් පිළිබදව ක්‍රෝද ද්‍රෝහ නොකිරීම

සත්‍ය – මනස හා වචනයේ යථාර්තවත් වීම. එනම් යමක් දක්නා ලද්දේ හෝ වේවා අනුමාන       කරන ලද්දේ හෝ වේවා එයට සමානව මනස හා වචනය පැවතීම.

ආස්තේය – සොරකම් නොකිරීම. එනම් අනෙක් අයගේ ද්‍රව්‍යයන් පිළිබද ආශාවක් නොතිබීම.

බ්‍රහ්මචර්යා – ගුප්ත ඉන්ද්‍රිය වු ලිංගය සංයම කර ගැනීම.

අප්‍රතිග්‍රහ – විෂයයන් රැස් කිරීම. ආරක්ෂා කිරීම ආදීය දොස් සහිතවීම නිසා ඒවා නොපිළිගැනීම.
නියම:

ශෞච – අභ්‍යන්තර හා බාහිර ශුද්ධියයි. අභ්‍යන්තරික වූ සිතෙහි කිලිටි මනාව සොදා දැමීමයි. බාහිර ශුද්ධිය 
ජලයෙන්ද එසේම විසිතුරු භෝජනයෙන්ද සිදුවේ.

සංතෝෂ – අධික වස්තුන් ග්‍රහණය කර ගැනීමේ කැමැත්තක් ඇතිකර නොගැනීම.

තප – සැප, දුක්, අව්ව, සීතල, බඩගින්න, පිපාසය ආදී ද්වන්වාද්මක දේ ඉවසීම හා චාන්ද්‍රායණ ආදි දැඩි ව්‍රතයන් පාලනය කිරීම.

ස්වාධ්‍යාය – මෝක්ෂ ශාස්ත්‍රයන් අධ්‍යයනය කිරීම හා දෙවියන් පිළිබද ජප කිරීම.

ඊශ්වර ප්‍රණිධාන – භක්ති පූර්වකව සියලු කටයුතු ඊශ්වරයාට පාවා දීම යනුයි.

ආසන:  ස්ථිරවූ හා සැප දෙන්නාවු යම් හිදීමක් වෙයි නම් එයට ආසන යැයි කියනු ලැබේ.

“ස්ථිරසුඛමාසනම්“

සාධකයා ධ්‍යාන කිරීම සදහා මෙබදු ආසනයක් ගත යුතුය. එයින් සැපක් ශරීරයට ලැබෙනවාත් සමගම මනසේ ශාන්තියක්ද ඇතිවේ. මෙම ආසන වල අභ්‍යාස කිරීමෙන් හිතෙහි පවත්නා වු ස්වාභාවික සසල බව එකග බවට පත්විය හැක.

හඨයෝග ප්‍රදීපිකා නම් හඨයෝග ග්‍රන්ථ වල මෙම ආසන පිළිබදව  සම්පූර්ණ විස්තර ඇත.

ප්‍රාණයාම: ආසන ගත වීමෙන් ආශ්වාස ප්‍රාශ්වාස වල හුස්ම ගැනීමත් හුස්ම නැවැත්වීමත් ප්‍රානයාම නම් වේ. පිටත වායුව ගැනීම ආශ්වාස නම් වේ. ඇතුලත වායුව පිටතට ඉක්ම වීම ප්‍රාශ්වාස නම් වේ. ආශ්වාස ප්‍රාශ්වාස සෑම කල්හිම ගමන් කරමින් පවති. මෙම ගමන නැතිකර ලීම ප්‍රාණයාම නම් වේ.

බාහ්‍ය – කුසෙහි වාතය පිටතට නිකුත් කොට බාහිර වාතය වැලැක්වීම.(රේචක ප්‍රාණයාම)

අභ්‍යන්තර – නාස්පුඩුවෙන් පිටත වායුව ග්‍රහණය කොට එය ඇතුළට ඒම වැලැක්වීම.(පුරක)

ස්තම්භවෘත්ති – එකම ප්‍රයත්නයකින් ආශ්වාස ප්‍රාශ්වාස වැලැක්වීම.(කුම්භක) මෙහි පුරක හොරේචක හෝ නොවේ.

කේවල කුම්භක – ප්‍රාණයාම අභ්‍යාසයෙන් විවේක ඥානය/බුද්ධිය ආවරණය කරන්නාවු කර්මයන් නැතහොත් දෝෂයන් විනාශ වී යාම සිදුවේ. එසේම සිත ඒකාග්‍ර බවට නැතහොත් ස්ථිර බවට පත්වීමට සුදුසු වෙයි. යම්තාක් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවන් පවතිද ඒතාක් සිත ඒකාග්‍ර බවට පත්නොවේ. ප්‍රාණයාම අභ්‍යාසයෙන් යම් විටෙක ආශ්වාස ප්‍රාශ්වාස වල ගමන නිරුද්ධ වෙයිද එවිට සිතේ ඒකාග්‍රතාවයන් ඇතිවේ.

ප්‍රත්‍යාහර: යම් විටෙක නොයෙක් ඉන්ද්‍රියයන් තමාගේ බාහිර විෂයයන්ගෙන් ඉවත් කර සිත මෙන් නිරුද්ධ වෙයිද එයට ප්‍රත්‍යාහර යැයි කියනු ලැබේ. බාහිර ඉන්ද්‍රියයන් විෂයයන්ගෙන් ඉවත් කොට අභ්‍යන්තර වෙයි.

එවිට එහි ප්‍රත්‍යාහරය උපදී. ප්‍රතිඵලය ලෙස ඉන්ද්‍රියයන් මත සම්පූර්ණ අධිකාරය පැවැත්වීමයි. සාමාන්‍ය පැවතුම් වලදී ඉන්ද්‍රියයන්ගේ ස්වේච්ඡාවෙන් හැසිරීම ප්‍රභලව පවති. යම් තාක් කැමති නම් එය මනස වෙත දුවයි. එහෙත් ප්‍රත්‍යාහර අභ්‍යාස කිරීමෙන් මෙම ඉන්ද්‍රිය මනසට යටත් වෙයි. ඒවා යමක් කැමති නම් ඒවා එබදු කාර්යයන්හි යෙදේ.

මෙතෙක් සාකච්ඡාවට බදුන් වූ අංගයන් පහ බාහිර සාධනය සිදුකරන ඒවායි.මෙතැන් සිට අභ්‍යන්තර සාධනය සිදුකරණ අංග තුන විස්තර කෙරෙනු ඇත

ධාරණ:

“දේශබන්ධශ්චිත්තස්‍ය ධාරණා “ (යෝග සූත්‍රය)
කිසියම් දේශයක (හදවත නැමති පියුමෙහි, නාසයේ අග කොටසේහි, දිවෙහි අග කොටසෙහි) නැතහොත් බාහිර පදාර්ථයක සිත යෙදවිම නැතහොත් සම්බන්ධ කිරීම ධාරණ නම් වේ. මුලින් කී අංගයන්ගේ ජයග්‍රහණයන් මේ කාර්යයට ලෙහෙසි වෙයි. ප්‍රාණයාමයෙන් සුළගද ප්‍රත්‍යාහරයෙන් ඉන්ද්‍රියද වසගයට පත්වීමෙන් සිතෙහි වික්ෂේපය පිළිබද කල්පනාවක් ඇති නොවේ. එනිසා එය එකම ස්ථානයක ප්‍රතිඵල සහිතව යෙදිය හැක.

ධ්‍යාන:

දේශ විශේෂයෙහි ධ්‍යෙය වස්තුව පිළිබද ඥානය යම් විටෙක ඒකාකාර වශයෙන් ගලා බසියිද එය ඔබා තැබීමට වෙන කිසිම යානයක් නොමැත. එයට ධ්‍යාන යැයි කියනු ලැබේ.

සමාධි:

වික්ෂේපයන් ඉවත් කොට සිතේ ඒකාග්‍රතාවයක් ඇති කිරිමයි. යම් තැනෙක ධ්‍යානය ධ්‍යෙය වස්තුවේ පිවිසීමෙන් මානයන් තම ස්වරූපයෙන් ශූන්‍ය බවට පත් වෙයි. ධ්‍යෙය වස්තුවේ ආකාරය ග්‍රහනය කරනු ලබයි. එයට සමාධිය යැයි කියනු ලැබේ.

ධාරණාදි අවසන් අංග තුනෙහි සාමුහික නාමය සංයම නම් වේ. සංයමය ජයග්‍රහණය කිරීමේ ඵලය නම් විවේකඛ්‍යාතියේ ආලෝකය නැතහොත් ප්‍රකාශයයි. ඥානය නැමති ආලෝකය පහලවීම ම මෙම අභ්‍යන්තර සාධනයන් ජයග්‍රහණය කිරීමේ පරිණාමයයි.

සෑම සාධකයෙකුට ම ක්‍රියායෝග සමාධියෝග පිළිබද අභ්‍යාස කිරීමෙන්තම අරමුණ ඉෂ්ඨ සිද්ධිය වන්නේය. එය ක්‍රියායෝගයෙන් ආරම්භ කරණු ලැබේ. ක්‍රියායෝගයෙන් තපස(චනුද්‍රායණ ව්‍රත ආදීය) ස්වාධ්‍යාය(මෝක්ෂ ශාස්ත්‍රයන් අනුශීලනය කිරීම හා භක්ති පූර්වකව මන්ත්‍ර ජප කිරීම) හා ඊශ්වර ප්‍රණිධාන (භක්ති පූර්වකව සියලු කර්මයන් හා ඵලයන් ඊශ්වරයාට සමර්පණය කිරීම) පිළිබදව අවබෝධ කල යුතුය. ක්‍රියායෝග පිළිබද අභ්‍යාසයේ ඵලයන් ලෙස
                                                1:ක්ලේශතනුකරණය
                                                2:සමාධි භාවනාව

ක්‍රියායෝග නිසා පස් වැදෑරුම් ක්ලේෂයන් ක්ෂීණ වේ. එහෙත් ඒවා දැවීමට කාරණය වන්නේ ප්‍රසංඛ්‍යනා(ඥානය) වෙයි. සමාධි භාවනාවද මෙයින් හටගනී. දැන් යෝගාංගයන්ගේ පටන් ගැනීම අවශ්‍ය වේ.

 යම නියම ආදී අංග පිළිබද පටන් ගැනීමෙන් සිතේ නිරෝධය වීමෙන් ආත්මය සම්පූර්ණ වශයෙන් චේතනාත්මක ස්වරූපය ලබයි. නිරෝධය සදහා අභ්‍යාසයත් වෛරාග්‍යයත් අවශ්‍ය වේ. යම් විටෙක චිත්ත වෘත්ති රහිත වේද එවිට මෙම අවස්ථාවෙහිදී සාධකයා අවිච්ඡින්නව උත්සහ කල යුතුය. එය හථ අභ්‍යාස නම් වේ. අභ්‍යාස දැඩි කිරීම සදහා බොහෝ දවසක් දැඩිව වෛරාග්‍යයේ එල්බීම කල යුතුය.

යෝග අභ්‍යාස කිරීමෙන්…….

අණීමා(අණුවක් හා සමානවු කුඩා වීම නැතහොත් නොදැකීය හැක්කක් වීම)

ලසීමා(උඩට නැගිටිමේ සිද්ධිය)

මහිමා(පර්වතයක් මෙන් බර බවට පත්වීමේ සිද්ධිය)

ප්‍රාප්ති(කොතනකින් හෝ කිසියම් ද්‍රව්‍යයක් ලබා ගැනීමේ සිද්ධිය)

ප්‍රාකාම්‍ය(ඉච්ඡා ශක්තියට බාධාවක් නොවිමේ සංකල්ප සිද්ධිය)

වශිත්ව(සියලු සත්ත්වයන් තමන්ගේ වසගයට පත් කර ගැනීමේ යෝග්‍යත්වය)

ඊශීත්ව(සියලු පදාර්ථයන්හි අධිකාරය ස්ථිර කර ගැනීමේ සිද්ධිය)

යථාකාමාවසාහිතා(සාධකයාට යම්බදු කල්පනාවක් වෙයිද එය සම්පූර්ණ කිරීම)

මේ සිද්ධීන් යෝගියාගේ මාර්ගයෙහි එළඹ සිටි. මේවා අවසන් ඉලක්කය දක්වාම බාධාවක් වෙයි. මේ පිළිබදව ලෝභයෙන් පැටලුණු යෝගියෙකුට කවරදාවත් තම යෝගි ඉලක්කයට පැමිණිය නොහැකිය. යෝගි දර්ශනයේ අවසන් ඉලක්කය සපුරා ගැනීම සදහා හැමවිටම අවධි වී සිටිය යුතුය. සිද්ධින් පිළිබදව කිසිවිටකත් සැලකිලිමත් නොවිය යුතුය. යෝග දර්ශනයේදී  ඊශ්වරයා ඉතා වැදගත් තැනක් ලැබේ. ඊශ්වරයා නිත්‍ය වූ සර්වඥ වු හා සියලු තැන්හී පැතිර සිටින පරමාර්ථයයි. සංසාරයේ සියලු ජීවින්ගේ වෙනස් නොවන ශ්‍රේෂ්ඨ වු තැනැත්තා ඔහුය.


දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම

දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම

දැයට අහිමි වන ඉපැරණි වෛද්‍ය ක්‍රම



දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය යනු ඉපැරණි සිංහලයන්ගේ සෞඛ්‍ය සංරක්ෂණයට උපකාරී වූ ප්‍රධාන චිකිත්සා ක්‍රමය යි. බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකයේ බිහිවීමටත් ප්‍රථම පළමු වරට අංග සම්පූර්ණ ආරෝග්‍ය ශාලා බිහි කොට ශල්‍යකර්ම පවා සිදු කරමින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ අති විශිෂ්ට නාමයක් සනිටුහන් කිරීමට අප මුතුන් මිත්තන්ට එදා හැකි විය. දේශීය වෛද්‍ය ක්‍රමයේ යටගියාව නිරීක්ෂණය කළහොත් ඔබ මවිත වන තොරතුරු කොතෙකුත් සොයා ගත හැකි ය. පරපුරෙන් පරපුරට ගුරු ගෝල සම්බන්ධතාවයෙන් යුතුව පවත්වා ගෙනෙන ලද එකී වෛද්‍ය ශිල්පයේ විස්මිත ශිල්ප ක්‍රම බොහෝමයක් අද වන විට වියැකී ගොස් බොහෝ කල් ය. ඉතිරිය අනාදිමත් කාලයක සිට සිංහල ජාතියෙන් ගිලිහෙමින් පවතී.

දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අදාළ වෛද්‍ය ක්‍රම බොහෝමයක් ම පවතී. එකී වෛද්‍ය ක්‍රම අතුරින් අද වන විට බොහෝ දුරට වියැකී ගොස් ඇති චිකිත්සා ක්‍රමයකි දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම.

ශ්‍රී ලංකාවේ සර්පයෝ


සර්ප විෂ වෛද්‍ය ක්‍රමය ගැන සඳහන් කරන විට ශ්‍රී ලංකාවේ සර්ප වර්ගීකරණය පිළිබඳ ව දැන සිටීම ඉතා වැදගත් වේ. ඒ අනුව සර්ප ගණන අතරින් සර්ප විශේෂ 96ක් ලංකාවේ වාසය කරති. ඉන් 45ක් ලංකාවට ආවේණික වේ. ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 20කි. ඉන් 13ක් කරදියවාසී මුහුදු සර්පයන් වේ. ඔවුන් ගොඩබිම වෙසෙන සර්පයන්ට සාපේක්ෂ ව උග්‍ර විෂ සහිත ය.

ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයෝ


1. නාගයා
2. තිත් පොළඟා
3. වැලි පොළඟා
4. තෙල් කරවලා
5. මුදු කරවලා
6. පොළොං තෙලිස්සා
7. බඩ කහ මුහුදු නයා (වාලක්කඩියා)
මඳ විෂ සහිත සර්පයෝ
1. පලා පොළඟා
2. සියලු ම මාපිල් වර්ග (ලේ මාපිල්, නාග මාපිල්, රෑන මාපිල්, ගැරඬි මාපිල්, පඳුරු මාපිල්, කහ මාපිල්, නිදි මාපිල්)
3. පොල් මල් කරවලා (මල්සරා)
4. මූකලන් තෙලිස්සා
5. කට කළුවා
6. අහුරු කුක්කා
7. ලේ මැඩිල්ලා
8. දෙපත් නයා

නිර්විෂ සහිත සර්පයෝ

1. ඇහැටුල්ලා
2. වලකා අතුබයා
3. දුමුටු කන උල්ලා
4. පිඹුරා
5. දිය නයා
6. දිය පොලඟා
7. තුරු හාල්දණ්ඩා
8. අරණී දත් කැටියා

දේශීය වෛද්‍ය ක්‍රමයේ විෂ වර්ගීකරණය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ වූ සුශ්‍රැත නැමැති ඍෂිවරයා විසින් ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව මින් වසර 5000කටත් වඩා අතීතයේ දී රචනා කරන ලද ශ්‍රේෂ්ඨ වෛද්‍ය ග්‍රන්ථයක් වූ සුශ්‍රැත සංහිතාවේ මෙසේ පෙන්වා දී තිබේ.

“අගධ තන්ත්‍රං නාම සර්ප කීට ලූතා වෘශ්චික මූසිකාදි දෂ්ඨ විෂ ව්‍යංජනාර්ථඃ විවිධ විෂ සංයෝග විෂෝප හථෝප සාමණාර්ථංච”

මීට අනුව සුශ්‍රැත ඍෂිවරයා විසින් ප්‍රධාන වශයෙන් විෂ වර්ගීකරණයේ දී ප්‍රභේද කිහිපයක් පෙන්වා දී තිබේ.

1. ජංගම විෂ

ජංගම විෂ යනු සියලු ම සර්ප, කීට, දිවි මකුළු, බලු, බළල්, වඳුරු, හිවල්, හිකනැල්, පත්තෑ, ගෝනුසු, බඹර, දෙඹර, මී මැසි, මදුරු, මත්‍ය ආදී කොට ඇති ඕනෑම සතෙකුගේ දළ, දත්, විත, බූව, තුඩ, මල, මූත්‍ර, ශුක්‍ර ආදිය තුළින් විෂ ශරීරගත වීම යි. දෂ්ට කිරීම්, සපා කෑම්, විදීම්, සීරීම්, ස්පර්ශ වීම්, ආඝ්‍රාණය කිරීම් ආදියෙන් මෙකී ජංගම විෂ සත්ව ශරීරගත වෙයි.

2. ස්ථාවර විෂ

කෘමිනාශක, වල්නාශක විස වර්ග, පාසානම් වර්ග, විෂ සහිත ගෙඩි වර්ග, නියඟලා, වච්චනාවි වැනි විෂ ඇට වර්ග, ඖෂධ සඳහා ගන්නා විෂ සහිත බෙහෙත් වර්ග මේ ස්ථාවර විෂ ගණයට අයත් වේ. (උදා – රසදිය, ගෙන්දගම්, පල්මාණික්කම්, සියලු ම පාසානම් වර්ග)

3. කෘත්‍රිම විෂ

මෙහි කෘත්‍රිම යන වචනයට අනුව ස්වභාවික නොවන යන අර්ථය ප්‍රකාශ වේ. ඒ අනුව කෘත්‍රිම ව නිෂ්පාදනය කරනු ලබන විෂ ද්‍රව්‍ය මේ යටතට ගැනේ. විශේෂයෙන් අනුන් නැසීම මෙන් ම තමන්ගේ දිවි නසා ගැනීමට ද මේවා භාවිත කරයි.

4. ඝර විෂ

මේ ඝර විෂ නිපදවනු ලබන්නේ ප්‍රාණීන්ගේ මළ, මූත්‍රා, කෙළ, නිය, දත්, ලෝම, ආර්ථව, ශුක්‍ර ආදිය උපයෝගී කොටගෙනයි. ඉනා බෙහෙත් ලෙස මෙය හඳුන්වන අතර වශීකරණ කටයුතු සඳහා මේ විෂ යොදා ගනී.

5. සංයෝජක විෂ

කෘත්‍රිම විෂ හා ඝර විෂ එක්ව ගොඩනැගුණු විෂ අවස්ථාව මෙලෙස හඳුන්වා දී තිබේ.

6. දූෂී විෂ

මෙය කිනම් හෝ විෂ වර්ගයක් සත්වයාගේ ශරීරගත වීම හේතු කොටගෙන පසුකාලීන ව ඇති වන උග්‍ර ආබාධ සහිත විෂ තත්ත්වයකි. කුමන හෝ විෂක් ශරීරගත වීමෙන් පසුව කරනු ලබන ප්‍රතිකාර සමඟ අනුමත කරන පථ්‍ය, අපථ්‍ය, විහරණ නිසි අයුරින් පරිහරණය නොකීරීම නිසා ශරීරයේ ත්‍රිදෝස (වා, පිත්, සෙම්) සප්ත ධාතු (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර) කුපිත කරමින් විෂ ක්‍රියාවක් ඇති කරනු ලබයි ද එය දූෂි විෂ ලෙස හඳුන්වා දී තිබේ. විශේෂයෙන් සර්ප විෂ දෂ්ටයක දී නිසි ප්‍රතිකාර නොකිරීම හේතු කොටගෙන පසුකාලීන ව දරුණු අතුරු ආබාධ පැන නගී. ඒ අතර නා නා විධ කුෂ්ඨ රෝග, ඇස් පෙනීමේ දුර්වලතා, කල් පවතින හිසරදය, යටි බඩ ගිනියම් වීම, වකුගඩු දුර්වල වීම, යටි පතුල් හා නිය යට දැවිල්ල, විෂ ගඩු මතු වීම, ලිංග, යෝනි, ගුද ආදී රහස් ප්‍රදේශවල විෂ වණ හට ගැනීම, සිහි මුළාව වැනි භයානක රෝග වලට හේතු වේ.


මුඛ සෞඛ්‍ය....

පරම්පරා ගණනාවක් මුඛ 
සෞඛ්‍ය සුරැකි හෙළ වෙදකමේ
දන්ත චිකිත්සා විධි!!!!


ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මනුෂ්‍ය ශරීරය සෑදී ඇත්තේ දෙතිසක් වූ කුණුප කොටස්වලිනි. මුඛයේ පිහිටි දත් වූ කලී එයින් එක් කුණුප කොටසකි. සතර මහා ධාතූන්ගෙන් පඨවි ධාතුවට අයත් දත්, ශරීරය ජරා ජීර්ණ වීමත් සමඟ දිරා ගොස් මහා පොළොවට පස්වී යාම අනිත්‍ය ධර්මතාවය යි.
දතෙහි යථාර්ථය එසේ වෙතත් ජීවිත කාලය පුරාවට අප විසින් දන්ත සෞඛ්‍යය මැනවින් ආරක්ෂා කරගත යුතු වෙමු. එසේ නොවුණහොත් දත් සම්බන්ධ විදුරුමස් සේ ම මුඛ රෝග බොහෝමයකින් අප ව පීඩාවට පත් කරනු ඇත. වර්තමාන සමාජය ගත්විට ළදරු, තරුණ, මහලු කොයි කවුරුත් බොහෝ මුඛ රෝගයන්ගෙන් පෙළෙන බව නොරහසකි.

එයින් වැඩිපුර ම ඇත්තේ දත් හා විදුරුමස් සම්බන්ධ රෝගාබාධයන් ය. අද පාසල් යන දරුවන් සේ ම තරුණ බොහෝ දෙනෙකුගේ ම එක්කෝ දත් මුල් දිරා ගොස් ය. නැති නම් විදුරුමස් දියවීම්, අකලට දත් සෙලවීම්, දත් හිරිවැටීම්, මැලියම් බැඳීම්, දත් කැක්කුම්, මුඛ දුර්ගන්ධ ආදී අනේක ප්‍රකාර දන්ත රෝගවලින් පීඩාවට පත් වී ඇත.

එහෙත් බහුජාතික සමාගම්වල ව්‍යාජ වෙළඳ දැන්වීම්වලින් නිරතුරුව ම හතු පිපෙන්නා සේ බිහිවෙන අනේක විධ දන්තාලේප වර්ග නම් වැහි වැහැලා ය. ඔබ මඳක් සිතා බලන්න. මොනතරම් සුවිශේෂී යැයි ඇස් පුරා දැකගැනීමට විචිත්‍රවත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් හඳුන්වාදෙන විවිධ මාදිලියේ දන්තාලේප ඔබේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කළා නම් අද සමාජයේ මෙතරම් දත් හා විදුරුමස් සම්බන්ධව රෝගාබාධ දක්නට නොලැබෙනු ඇත.

සිංහල කටේ දත් රැකදුන් හෙළ බේත්

ඔබ මඳක් ඔබේ අත්තම්මලා සීයලා ගැන සිහිකරන්න. ඔවුන්ට අවුරුදු හැත්තෑව අසූව ගියත් කටේ දත් ටික හොඳින් සුරැකී තිබුණි. ආත්තම්මලා කාරුංගා පුවක් ගෙඩිය හක්කේ තබා හපා වෙන් කළේ අද මාධ්‍යවලින් පෙන්වන විච්චූරණ දන්තාලේපවලින් පෙණ දමමින් දත් මැදලා නො වේ. මෙතරම් ශක්තියක් ඔවුන්ගේ දත්වලට ලැබුණේ වර්තමානයේ මෙන් දන්ත සෞඛ්‍ය සායනයට මාස්පතා සහභාගී වී ද නො වේ.
අපේ අම්මලා අප කුඩා කාලයේ හා හා පුරා කියා දත් මැදීමට අප ව හුරු කළේ ලිපේ දමා පුළුස්සාගත් අරළු ගෙඩියේ පොතුවලින් තනාගත් කුඩුවලිනි. ඒ අපේ පැරණි අම්මලා තම සිඟිති දරුවන්ට කළ පළමු ප්‍රතිකාරයයි. එකී අත් ප්‍රතිකාරයෙන් දරුවන්ගේ දත් සම්බන්ධ බොහෝ රෝගාබාධයන්වලදී විදුරුමස් හා මුඛයට ද මනාව පූර්ණ ආරක්ෂාවක් සැපයීමට අරළු ගෙඩියට හැකියාව තිබුණි. දත් මුල් දියවී ලේ ගලන විට දත් සෙලවෙමින් හිරිවැටෙන විට පැරැණ්නන් කළේ අරළු ගෙඩියේ පොතුත්, මූණ මල් ගහේ පොතුත් කුඩා කෑලිවලට කපා නිතර දෙවේලේ හපන්නට දීමයි.

එයින් එකී ආබාධයන් මුළුමනින් ම තුරන් විය. වර්තමානයේ අපේ ඇත්තන්ට මෙකී දැනුමක් කොහෙත්ම නොමැති නිසා මාධ්‍යවලින් හැඩ දමමින් වැඩ පෙන්වන කෘතිම දන්තාලේප කිසිම සොයාබැලීමක් නොකොට පාවිච්චි කිරීම හේතුවෙන් වයසට යාමටත් පෙර ම කටේ දත් ටික හළා ගනිති.

දත් බුරුසුව පරයන දැහැටි දණ්ඬේ ඔසු ගුණ

වර්තමානයේ මාධ්‍යවලින් නිතර දෙවේලේ පෙන්වන දත් මනා ව පිරිසිදු කරනවා යැයි පවසන විවිධ මාදිලියේ දත් බුරුසුවට නොදෙවෙනි ඖෂධීය දත් බුරුසුවක් අපේ පැරැන්නන් ද පාවිච්චි කළහ. එනම් ඖෂධීය දැහැටි දණ්ඩ යි. ඒ සඳහා පාවිච්චි කළේ නොයෙකුත් ඖෂධීය ශාකයන්ගේ මුලක් හෝ අතු කැබැල්ලක් ගෙන එහි අග පිරිසිදු ව සිහින් කෙඳි ලෙස සකසා ගැනීමෙනි. එලෙස සාදාගත් ඖෂධීය ශාක අතර බෝඹු, පිලමුල්, කරඳ, හිඟුරු, එඬරු, කුඹුක්, නුග, නාලිය, රත්මල් ආදිය ප්‍රධාන තැනක් ගනී.

තුන් ලෝකයට ම එක ම වෛද්‍ය විසාරදයාණන් වහන්සේ වූ භාග්‍යවතුන් වහන්සේ දැහැටි දණ්ඬේ ඇති ඖෂධීය ගුණය මනාවට පෙන්වා වදාළ සේක. දැහැටිවලින් දත් මැදීමේ ආනිශංස පසක් සම්බුද්ධ භාෂිතයට අනුව මෙසේ ය.

1. ඇසට හිතකර වෙයි.
2. මුඛය දුර්ගන්ධයෙන් යුතු නො වෙයි.
3. රස නහර පිරිසිදු වෙයි.
4. පිතත් සෙමත් ආහාර නොඅවුරයි.
5. ආහාර රුචිය වඩයි.
(දන්තකට්ඨ සූත්‍රය, අං. නි. 03)

මහා ඍෂි වූ භාග්‍යවතුන් වහන්සේගේ වෛද්‍ය විසාරද ඤාණයට අනුව දැහැටි දණ්ඬේ ඇති ඖෂධීය ගුණ හේතුකොටගෙන මුඛයට පමණක් නොව පුද්ගලයාගේ නීරෝගී භාවයට පුදුමාකාර රැකවරණයක් ලබාදෙයි. නොයෙකුත් ඖෂධීය දැහැටි වර්ග නිරතුරුව දත් හා විදුරුමස්වල ගැටීම නිසා ඒ සම්බන්ධ මාංශපේශී හා ස්නායූන්ගේ මනා ක්‍රියාකාරීත්වයක් ඇතිවී ඇස්, කන්, නාස්, මොළය හා ඌර්ධවගත ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති පැවැත්මට ලබාදෙන්නේ මනා පිටුවහලකි. වර්තමානයේ කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් නිපදවා ඇති දත් බුරුසුව දැහැටි දණ්ඬේ ඖෂධීය ශක්තියට සම කිරීමට හැකිදැයි විමසීම ඔබට භාරය.

සියලු දන්ත රෝග නසන හෙළ වෙදකමේ දන්ත සායන

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ඉපැරණි වෛද්‍ය ග්‍රන්ථයන් තුළ දන්ත රෝග 20ක් පමණ ඍෂිවරුන් විසින් පෙන්වා දී තිබේ. මෙකී විසි වැදෑරුම් දන්තරෝග සඳහා ප්‍රත්‍යක්ෂ වූ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඉපැරණි වෛද්‍ය ග්‍රන්ථ තුළ දක්නට ලැබේ. පැරණි රාජකීය පරපුරු විසින් භාවිත කරන ලද අන්තඃපුර බිසෝවරුන් තම දන්ත කල්‍යාණය සුරැකීමට උපයෝගී කරගන්නා ලදැයි සලකන ඖෂධීය දන්ත චූර්ණයක් (දත් මදින බෙහෙත් කුඩක්) ඔබේ නීරෝගීභාවය වෙනුවෙන් මෙසේ පෙන්වා දෙන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රම වඩාත් හෙළබිමේ ස්ථාපිත වේවායි යන අවංක අභිලාශයෙන් යුතුව ය.

“දන්ත රෝග වනසන රකුසකු විලසේ
දන්ත රාක්ෂ චූර්ණයේ ඔසු බල මෙලෙසේ”


ජයවර්ධනපුර කෝට්ටේ රාජධානි සමයේ ලියැවෙන ලද ඉපැරණි වෛද්‍ය පුස්තකයන් තුළ පරම්පරා ගණනක් දන්ත රාක්ෂ චූර්ණය ලෙස පාවිච්චි කරන ලද මෙකී ඖෂධීය වට්ටෝරුව දක්වා ඇත්තේ මෙසේ ය.

ජාතිපත්‍ර පුනර්ණවා ගජකර්ණ
කෝරණ්ඩ කුෂ්ඨං වචා
චව්‍යා ශුණ්ඨී හරිතකී සම්මිදං
චූර්ණං මුඛේ ධරේත්

වාතඝ්නං කඵ නාසනං
කෘමි හරං චව්‍යාම රුජා පහම්
දුර්ගන්ධාදී සමස්ථ දෝෂ සමනං
දන්තස්‍ය වජ්‍රායුධං

මුඛේ සුගන්ධ කාය්‍යෙ_සු
උත්තමං පරමෞෂධම්
දුර්ගන්ධාදී සමස්ථ දෝෂ රහිතං
දන්තා සුඛ ජායතේ


මෙකී ඖෂධ වට්ටෝරුවට අනුව සමන් පිච්ච කොළ, සාරණ මුල්, ගජ තිප්පිලි, කටු කරඬු මුල්, සුවඳ කොට්ටං, වදකහ, සිවිය මුල්, සිද්ධි කූරු යන ඖෂධවලට අමතරව කරඳ පොතු, බෝඹු පොතු, කුඹුක් පොතු, මූණමල් පොතු, රත්මල් පොතු, තිඹිරි පොතු, මාදං පොතු, පිල මුල්, ලොත් සුඹුළු, කරාබු නැටි, සහිඳ ලුණු, සීනක්කාරං, කයිප්පු, බේත් කපුරු ද අවශ්‍ය ප්‍රමාණයෙන් එක්කර ගත හැකි ය.

මෙකී ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙන හොඳින් වියළා ඉතා සිනිඳු ව චූර්ණ කොට (කුඩුකර) උදේ සවස දත් මැදීමට භාවිත කරන්න. මෙකී ඖෂධයන්ගේ ද්‍රව්‍ය ගුණයන් පිළිබඳ ව විමසා බලන විට බොහෝ ඖෂධයන්ගේ දත් හා විදුරුමස් ශක්තිමත් කරන ගුණය බහුල ව පවතී. එසේ ම දන්ත වේදනා නසා දිස්නය ඇති කරනවා සේ ම විෂබීජනාශක ගුණය තුවාල හා ලේ ගැලීම නවතා පඨක රක්ෂිත කිරීම සිදුකරයි. මුඛයේ වූ වාත, ශ්ලේශ්මා, පණු දෝෂ දුරලමින් අරුචි, මුඛ දුර්ගන්ධාදී රෝග නසාලයි. විශේෂයෙන් මෙකී ඖෂධීය චූර්ණයෙන් දත් අකලට දිරායාම, සෙලවීම, හිරිවැටීම, දත් මුල් දියවී ලේ සැරව ගැලීම, දත් කැක්කුම, පණු කෙළ ඉනීම, තොල කට වණ වීම් ආදී දත් හා විදුරුමස් රෝග බොහෝමයක් සුවකරන ශක්තිය ඇති අතර මුඛයෙහි නිරතුරු නැවුම් බවක් ගෙන දෙමින් දත් හා විදුරුමස් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබා දෙයි.

වර්තමානයේ නොයෙක් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් නිපදවා ඇති දන්තාලේපවලින් ඉහත උත්කෘෂ්ට ඖෂධීය ශක්තිය ලබා දෙනවා යැයි පැවසීම විහිළුවකි. එකී කෘත්‍රිම දන්තාලේප වර්ග ශරීර ගතවුවහොත් නොයෙකුත් අතුරු ආබාධ පවා පැන නගින අතර ඉහත ඖෂධීය චූර්ණය ශරීරගත වුවහොත් නොයෙකුත් රෝගාබාධ සුවයට එයින් ලැබෙන පිටුවහල අතිමහත් බව ඉඳුරා ම පැවසිය හැකි ය.
ඔබ ඉහත සඳහන් දන්ත චූර්ණය සේ ම පහත සඳහන් දත් බෙහෙත් ද භාවිත කිරීමට සිතන්නේ නම් දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම ඉතා යහපත් වන්නේ ය.

දත් හා විදුරුමස් රැකගත් සිංහල අපේ අත් බෙහෙත්

දත් කැක්කුමට

නික කොළ, කරාබු නැටි, මඟුල් කරඳ මුලේ පොතු සමව ගෙන තම්බා සීනක්කාරම් ස්වල්පයක් දියකර කට සෝදන්න.

හීං අරත්ත අල, අමුකහ, කටු එරබදු පොතු, ලුණුවරණ පොතු තම්බාගත් ජලයට ලුණු දිය දමා හැකි වේලාවක් මුඛයේ දරා සිටින්න. පසුව ඉවත් කරන්න.

විදුරුමස් දියවී ලේ සාරේ ගැලීමට

පොල් මුල්, ළපටි පුවක් මුල්, මූණමල් පොතු, පේර පොතු, කුඹුක් පොතු, මඟුල් කරඳ පොතු, අරළු සමව ගෙන තම්බා සීනක්කාරම් ස්වල්පයක් දමා කට සෝදන්න. මුඛයේ දරා සිටින්න. විදුරුමස් දියවීම, ලේ සාරේ යාම, දත් කැක්කුම, දත් සෙලවීම්, හිරිවැටීම් ආදී බොහෝ ව්‍යාධීන්ට ගුණ දේ.

දිව, තොල් පැලීම, තුවාල වීමට

අරළු, බුළු, නෙල්ලි, සමන්පිච්ච කොළ, කොහොඹ කොළ, ලොත් සුඹුළු, නුග පොතු, අමු කහ සමව ගෙන තම්බා හොඳින් මුඛයේ දරා සිටින්න. පසුව ඉවත් කර ඉරිමේදාදී තෛලය ගල්වන්න. මුඛයේ තුවාල, දිව තොල් පැලීමාදිය සුව කරයි.

‘ඔසු ගුණ දැන ගනිමු
හෙළ ඔසුවෙන් දත් මදිමු
දත් රෝග දුරු කරමු
හෙළ දැනුම පතුරුවමු’


Tuesday, July 10, 2018

බොන්සායි කලාව

බොන්සායි කලාව යනු කුමක්ද?

බොන්සායි යනු ජපන් වචනයකි. බොන් යනු බන්දේසියයි.සායි යනු ගසයි.බොන්සායි කලාවට ජපනුන් නම් තැබුවත් මෙයආරම්භ වුනේ චීනයෙනි. ඒ මීට වසර දහස් ගණනකට පෙරය. නමුත් මෙම කලාව වැඩිදියුනු කර ලොවට හදුන්වා දීමේ ගෞරවය ජපානයට හිමිවෙයි.

බොන්සායි යනු සරලව කියතොත් තැටි බදුනක කුරු ගස් සිටුවීමේ කලාවයි.  ස්වභාවික විශාල පැරණි ගසක පෙනුම සහිත ගසක් තැටියක නිර්මාණ කිරීමේ කලාවයි. හැඩය පමණක්ම නොව පැරණි ගසක  ඇති ගැටැ බෙන දිරාගුය අතු වල ලක්ෂණ ආදිය ද ඒ අයුරින්ම නිර්මාණය කල හැක.

බොන්සායි ගසක් නිර්මාණය කිරීම එතරම් පහසු  නොවන්නාසේම අපහසුද නොවේ. ඒ සඳහා දැනුම සේම අපරිමිත කැපවීමක් නොබසු බට උත්සහයක් සේම පුදුමාකාර ඉවසීමක් ප්‍රගුන කල යුතුය. බොන්සායි කලාවේ සම්මත නීති රීති පද්ධතියක් ඇත.  අනුගමනය අනිවාර්‍ය නොවූවද සම්මත නීති අනුගමනය කිරීම තුලින් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් බිහිවනු නියතය.

අවසානවශයෙන්  බොන්සායි යනු අද්‍යාත්මික සුවයක් සපයන පුදුමාකාර කලාවකි.අදිරුදිර පීඩනය,හර්දරෝග,මානසික අසහනය,පීඩනය,වැනි රෝග වලට සුවය සලසන භාවනාවක් වන් උතුම් කලාවකි.

බොන්සායි කලාවේ සම්මත නීති/ Bonsai rules

බොන්සායි කලානිර්මාණ කරණයේදී  සාමන්‍යයන් අනුගමනය කෙරෙන නීති මාලාවක් ඇත. මෙම නීති අනුගමනය කිරීම අනිවාර්‍ය නැතත් මෙම නීති වලට අනුව බොන්සායි ශාකයක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමෙන් ඉතා අලංකාර බොන්සායි ශාකයක් නිර්මාණය වීම අනිවාර්‍යයෙන් සිදුවේ. ‍ නමුත් කලාවක සම්මතයන් අනිවාර්‍යවන්නේ ප්‍රගුන කරනාතෙක් පමනි.

* ලෝකයේ සම්මත බොන්සායි නීති

1. බොන්සායි ශාකයේ සමස්ථ හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.

2. ශාකයේ අතු විහිදීම ආරම්භ විය යුත්තේ ශාකයේ සම්පූර්ණ උසින් තුනෙන් එකක් පමන උසකිනි.

3. ශාකයේ පහල සිට පළමු අත්ත දකුණට විහිදුන හොත් දෙවන අත්ත වමටත් තෙවන අත්ත පසුපසටත් විහිදිය යුතුය. මෙම අතු පිහිටීම ශාකයේ ඉහලට යන තුරැම පවත්වාගත යුතුය.

4. ශාකයේ එකම ස්ථානයකින් අතු දෙකක් නොබෙදිය යුතුය.

5. ශාකයේ කදෙහි හෝ අතුවල ඇදවූ තැන් (Bends) පවතී නම් අතු ආරම්භ විය යුත්තේ එහි උත්තල(Convex) පැත්තේමය.

6. ශාකයේ පහල සිට ඉහලට යන විට අතුවල විශකම්භය ක්‍රමයෙන් අඩුවිය යුතු අතර අතු අතර පරතරය සහ අතුවල දිග ක්‍රමයෙන් අඩුවිය යුතුය.

7. එක් එක් අතු තුලද අනු ශාකා සමග ත්‍රිකෝණාකාර හැඩයක ගත යුතුය.

8.  අනුශාකා තිරස්ව දෙපසට පමණක් විහිදිය යුතුය. එනම් ඉහලට හෝ පහලට නොවිහිදිය යුතුය. එවිට අතුවල සුන්දර පත්‍ර ගොමුවක්(Foliage pad) නිරමාණය වේ.

9. ශාකයේ පහලම අතු ඉහල අතුවලට සාපේක්ශව වැඩිපුර පහලට නැඹුරැ කල යුතුය.

10. ශාකයේ කද ඉහලට යන වි‍ට ක්‍රමයෙන් සිහින් වී යා යුතුය.

11. ශාකයේ මුළු පෙනුම සමබර විය යුතුය.

12. ශාකයට එක අග්‍රස්ථයක් පමණක් තිබිය යුතුය.

13. අග්‍රස්ථය තරමක් මුහුනත දෙසට නැඹුරු විය යුතුය.

14. අදාල රූපකායට ගැලපෙන හැඩයකින් යුතු බදුනක බදුන්ගත කල යුතුය.

ඊලගට අපි ගසක් තෝරාගනිමු

බොන්සායි නිර්මාණයක් සදහා උචිත පැලයක් තෝරාගන්නේ කෙසේද?/ How to find a plant for bonsai art.?

ශ්‍රී ලංකාව නිවර්ථණ කලාපීය රටක් වන අතර ජෛව විවිදත්වයෙන් උසස්මට්ටමක සිටින රටකි. බොන්සායි සදහා උචිත ශාක විශේෂයන් ඉතාවිශාල ප්‍රමාණයක් අප මාතෘභූමිය සතුය. ලෝකයේ ලිඛිත ඉතිහාසයක් සහිත පැරණිම  වෘක්ෂය සේ සැලකෙන ජය සිරි මා බෝදීන් වහන්සේ වැඩසිටින්නේද මේ භූමියේය.ඉතින් බොන්සායි අප රටට ආගන්තුක වන්නේ කෙසේද?

   අප අවට පරිසරය සියුම්ව නිරීක්ෂනය කලහොත් ඕනෑතරම් සුදුසු ශාක ඇත. ශාක තෝරාගැනීමේදී විශාල පත්‍ර හට නොගන්නා බහු වාර්ගික ශාක තෝරා ගැනීමට වගබලාගත යුතුය.  බීජයක් පැල කරගැනීම මෙන්ම වායව අතු බැදීම් ක්‍රමය(Air layering), අතු කැබලි සිටුවීම වැනි වර්ධක ප්‍රචාරණ ක්‍රම මගින් ශාක සකසා ගත හැකි අතර පරිසරයේ ඇති ශාකද සුදුසු පරිදි  යොදාගත හැකිය.එහිදී ගල් මත ගස්මත වැඩුනු ශාක,එලුවන් මුවන් ගවයින් දලු ආහාරයට ගැනීම නිසා ඇට්ටර වූ ශාක,පැරනි ගොඩනැගිලි බිත්ති වල හටගත් ශාක උදාහරන ලෙස දැක්විය හැකිය.එලෙස ශාක තෝරාගැනීමේදී ගසේ කද ඉතා පැරණි පෙනුමක් ගත් සුන්දර මුල්පද්දතියකින් සමන්විත ශාක තෝරාගත හැකිය.එබැවින් නිර්මාණය සදහා පහසුවක් සේම කෙටිකාලයකින් සුන්දර කරගැනීමට පහසුවේ.

යොදාගත හැකි ශාක-
01. කුඹුක්
02. ඇහැටු
03.කොහොඹ
04.නුග
05.කිරි නුග
06. බෝ
07. අට්ටික්කා
08. බෙන්ජමිනා
09. පළු
10. කළුවර
11. හැලඹ
12. මයිල
13.මාර
14. මී
15. වීර
16. නා
17. බුරුත
18.වෙරළු
19. උගුරැස්ස
20. දිවුල්
21. දෙළුම්
22. හීන්තඹල
23. පානක්කා
24. දුරැන්තස් 
25. ගඟවැරැල්ල
26.සියබලා
27.කරද      
28.කුරුදු

   එකී නොකී ශාක විශාල ප්‍රමාණයක් වෙයි.සුදුසු පරිදි කැමැත්ත අවශ්‍යතාව අනුව ගසක් තෝරාගන්න....

   Next: බොන්සායි මද්‍ය සකසා ගන්නේ කෙසේද?බොන්සායි  මාධ්‍ය සකස්කර ගැනීම..

බොන්සායි කලාවේදී සිටුවන (පස් )මාධ්‍ය ඉතා වැදගත් තැනක් ගනී. පස්මාධ්‍ය මගින් ගසේ වර්ධනයට බලපෑම් කල හැකි අතර ගසේ පෙනු පාලනය කල හැක්කේද ප්‍රදානව සිටවුම් මාධ්‍ය මගිනි. බොන්සායි පස කියා සුවිශේෂී පසක් නොමැති අතර එය අප විසින් සකසා ගතයුතු වේ. ඉතා හොදින් ජල අපවහනය ( Draining system) සිදුවියයුතුය.මන්ද වර්ෂා කාලයේදි ගසට අවශ්‍ය පරිදි ජල පාලනය කින් යෙදීමට නොහැකි අතර එසේ උවහොත් මුල් කුනුවී ගස විනාශවී යාමට ඉඩ ඇතිහෙයිනි.නමුත් ජලය යෙදිම් වාර දෙකක කාලයක් තුල පස වියලිමට ලක් නොවි ගසට අවශ්‍ය ජලය රදවා තබාගත හැකි ගුනයකින්ද යුක්තවිය යුතුය.එනම් පායන කාලවලදී ගසට අවශ්‍ය ජලය සැපයිය යුතු බැවිනි.අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මනාව සපිරි නයිට්‍රජන් ප්‍රතිශතය අඩු පසක් මේ සදහා සුදානම් කරගත යුතුවේ. හේතුව නයිට්‍රජන් වැඩිවුව හොත් ගසේ පත්‍ර විශාලවී ගස පෙනුමින් පැලයක් බවට පත්වීම වැලැක්විය යුතුය.

1 මුලික අදියරදි වලදි පස් මාධ්‍ය සකාගනීම මෙසේය..:වැලි 1 , පස් 1, කොම්පොස්ට් + ගොම + කාබනික කොටස් අාදිය භාගයේ සිට 1 දක්වා ගසේ අවශ්‍යතාවය අනුව.මෙය බදුන්ගත් කිරීමට පෙර ගස වර්දනය කර ගැනීම සදහාය.

2 බොන්සායි ශාකයක් ලෙස බදුන්ගත කිරිමෙදි වැඩි දියුනු කල විශේෂ පසක් සැදිය යුතු වේ. සාම්පරදායික ජපන් ක්‍රමයට යොදන සියළු  ද්‍රව්‍ය ලංකාව තුල සොයාගත නොහැකි නිසාත් ලාංකීය ශාක ප්‍රබේදයන්ට ගැලපෙන පසක් සකසාගත යුතු නිසාත් දැනට මේ සදහා අදාල ගුනයන්ගෙන් යුතු මෙවන් දෑයොදාගනී,,,,,,

*පිලිස්සු මැටි වර්ග (උලු,ගඩොල්,වලං කැබලි වැනි) ඡලය උරන දිය නොවන දෑ. මේවා භාවිත කරන්නෙ තෙතමනය රැදවිම සදහායි. (ගඩොල් උළු මැටි බදුන් කැබලි)  

*ගල් වර්ග    :පස තුල හොද වතාස්‍රයක් ඇතිකිරීම හා මුල් ගමන් කරවිමට පහසු  ලිහිල් ස්භාවයක් අැති කිරිම සදහා භාවිත කරයි. (සොදාගිය තැන්වල වැලි වර්ග, බොරළු, කුබුරැ වැලි, තිරැවානා ,...)

*පස් වර්ග   : තද ගතියෙන් යුතු ජලය උරන සුළු කැටමය පස්. මුල් වර්ධනයට අත්‍යවශ්‍ය වේ. ( රතු පස්, දුබුරැ පැහැති පස් .....) 

*දර අගුරැ   : හානිකර  දිලිර බැක්ටීරියා අාදිය විනාශ කරයි, සුළු පොෂනයක් මෙන්ම තෙතමනයද ලබාදේ.
*පෝෂක   : ගොම, කොම්පොස්ට් ,දිරාගිය ශාක කොටස් ..ගසට අවශ්‍ය අහාර ලෙස.

:::::::::පස සකසන (සම්මත) ක්‍රමය:::::::::

මේ සදහා 1/2, 1/4, 1/8, 1/16, 1/32 යන ප්‍රමාණ වලින් කම්බි දැල් යොදා සාදා ගත් පස් හලන පෙනේර අවශ්‍යය. පස් වර්ග හැර අනෙක්වා කැට සිටින පරිදි වෙන වෙනම කුඩු කරන්න. එක් එක් වර්ගය පහත පරිදි හලා ගන්න 1/2 දැලෙන් හලා ඉතුරැවන පස් නැවත කුඩු කර හලන්න. ගල් නම් ඉවත් කරන්න. 1/4 දැලෙන් ඉතුරැවා හලන්න. ඉතුරැවන පස පලමු පස් කාණ්ඩය වන අතර එවා වෙන් කර තබන්න. 1/8, 1/16, 1/32 යන දැල්වලින් හලා ඉතුරුවන පස් වෙන්කර තබන්න. 1/32 දැගෙන් හැලී ඉවත්ව යන පිටි වැනි සිහින් පස් බොන්සායි සදහා අවශ්‍ය නොවන බැවින් ඉවත දමන්න.(මීවන ශාඛ සිටුවිමට සුදුසුයි)

**මෙසේ සකසා ගත් පස් වර්ග වලින් ගසේ අවශ්‍යතාවයට අනුව (අනුපාතවලින් )වෙන් කරගත් ප්‍රමාණ වලින් 1/4 දැලෙන් ඉතිරි වූ ඒවා වෙනමද 1/8 දැලෙන් ඉතුරැ ඒවා වෙනමද ලෙස *පස් කාණ්ඩ 4ක් ලෙස සකසා ගන්න. උදාහරනයයක් ලෙස (යම් මිණුමකින්) පිලිස්සු මැටි 5 + ගල් වර්ග 5 + පස් වර්ග 5 + දර අගුරැ 3 + පොහොර 5    ලෙස.

මෙලෙස සකසා ගත් පස් කාන්ඩ 4  ශාකයට යොදන්නේ විශාලත්වය අනුව පිලිවලින් යට සිට උඩටය.එය බදුන් ගත කිරීමේදී කියා දෙන්නෙමු.

**බොන්සායි ශාකයක් බදුන් ගත කිරීම**

මාද්‍ය සකසාගැනීමේදී දැනුවත් කල පරිදි සකසාගත් පස්මාද්‍ය,තෝරගත් බදුන සහ පැලය සමග බදුන් ගත කිරීමට සුදානම් වන්න.හැකිනම් මේ සදහා කැරකවිය හැකි මේසයක් සකසාගන්න(සක පෝරුවක් වන්) සුදානම් කරගත් පැලය පරෙස්සමින් පස්සමග සිටුවා ඇති පෝච්චියෙන් ඉවතට ගෙන සීරුවට තරමක් පස් ඉවත් කර තෝරගත් බින්සායි බදුනට තබා බදුන්ගත කිරීමට අපහසුතා ඇතිකරන මුල් තිබේදැයි බනන්න.එසේවන මුල් අවශ්‍ය පරිදි කපාගන්න.. බොන්සායි බදුනෙ අඩියෙ ඡලවහන සිදුරට පුංචි දැල් කැබැල්ලක් දමා වසන්න(ජලය පිරවන පරිදි). එය සෙලවෙනවානම් කම්බි කැබැල්ලක් අාධාරයෙන් රදවා ගන්න.  අඩියට 1/4 දැලෙන් හැලි ඉතුරැවු පස් මිශ්‍රණය තට්ටුවක් බදුනේ අතුරන්න. ඒ මත පැලය තබන්න. අනෙක් පස් සයිස් පිලිවෙලින් තට්ටු වශයෙන් යොදන්න. අවසාන තට්ටුව 1/32 වන කුඩා පස් මිශ්‍රණය වේ. මොට ලීකැබැල්ලක අාධාරයෙන් පැලයේ මුල් තුල ඉතිර වූ පස් ඇත්නම් ඒවා හා බොන්සායි පස් මාධ්‍ය මිශ්‍ර වන අයුරින් පසට අනිමින් තද කරන්න. පැලය සෙලවෙනවානම් කම්බියක් අාධාරයෙන් පොච්චියට බදින්න. මතුපිටින් පාසි පිඩලි අල්ලන්න. ඉන්පසු පරිස්සමින්  ජලය ඉසින උපකරණයක් ආදාරයෙන් හොදින් පස තෙමන්න. සති තුනක් පමන තරම්ක සෙවන ලබාදී අවුවට හුරැ කරගන්න.

මතක තබාගන්න ශාකයක් බදුන්ගතකල සැනින් එය බොන්සායි කලාව නොවන වග.බොන්සායි මාද්‍යයයේ සිටවූ ශාකය එහි වැඩී කොලවල විශාලත්වය අඩුවී ගසට බොන්සායි ලක්ශන පහලවීමට යම් කාලයක් ගතවේ ඉවසිල්ලෙන් ගස ආරක්ශාකරන්න.හැඩකරන්න.





පංචකර්ම යනු කුමක්ද

පංචකර්ම යනු කුමක්ද .........

අද අප තොරතුරු සොයා බලන්නේ ආයුර්වේදයේ එන එක් සුවිශේෂී ප‍්‍රතිකාර ක‍්‍රමයක් පිළිබඳව .

ඒ පංචකර්ම චිකිත්සාව පංචකර්ම ලෙස වර්තමානයේ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේ නිවැරදි පංචකර්ම ප‍්‍රතිකාර ක‍්‍රම නොවේ. ඒ නිසා නිවැරදි පංචකර්ම යනු කුමක්ද යන්න විමසා බැලීම වැදගත්.
ආයුර්වේද වෛද්‍යවරයකු වෙත කිසියම් රෝගියෙක් පැමිණි විට රෝගියාගේ තත්ත්වය පරීක්‍ෂා කර බලා එම රෝගයට අනුව බොන බෙහෙත්, ආලේපන වර්ග නියම කරනු ලබනවා.

පංචකර්ම යනු විශේෂිත රෝග අවස්ථාවලදී සහ රෝග වලින් වැළකී සිටීම සඳහා යොදා ගත හැකි චිකිත්සා ක‍්‍රමයක එක් කොටසක්. මෙම චිකිත්සා ක‍්‍රමය ප‍්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදනවා.

ඒ, පූර්ව කර්ම, ප‍්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම වශයෙන්. මෙහිදී පූර්ව කර්ම ලෙස හැඳින්වෙන කොටස තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ “ස්නික්ධ “ සහ “ ස්වේධ” වශයෙන්.

“ පංචකර්ම” අයත්වන්නේ ප‍්‍රධාන කර්ම කොටසට . ඉහත කී චිකිත්සා ක‍්‍රමයේදී පංචකර්ම වලට ලක්කිරීමෙන් පසුව රෝගියා මුලින් සිටි තත්ත්වයට ගෙන ඒම පශ්චාත් කර්ම ලෙස හැඳින්වෙනවා.

මෙම චිකිත්සා ක‍්‍රමය රෝග වැළැක්වීම සඳහාත් රෝග සුව කිරීම සඳහාත් යොදා ගත හැකියි.

විශේෂයෙන්ම රෝග ඇතිවීම වළක්වා ගැනීමට , ශරීරය රෝග වලට ඔරොත්තු දෙන ආකාරයෙන් සකසා ගැනීමට උපකාරී වන ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස පංචකර්ම ප‍්‍රතිකාර හැඳින්විය හැකියි.

මුලින්ම අප පූර්ව කර්ම වලට එන ‘ස්නික්ධ’ සහ ‘ ස්වේධ’ යනුවෙන් දැක්වෙන කරුණු පිළිබඳව තොරතුරු සොයා බලමු.

‘ස්නික්ධ කර්ම ‘ යනු තෙල් ආලේප කිරීමයි. මෙහිදී විවිධ ක‍්‍රමවලට තෙල් ආලේප කරනු ලබනවා.
එමෙන්ම තෙල් ආලේපකර විවිධ ඖෂධ පොට්ටනි වලින් ශරීරය තැවීම සම්භාහනය කිරීම ස්නික්ධ යටතට ගැනෙනවා.

ස්වේධ කිරීම යනු දහදිය පිටවීමට සැලැස්වීමයි. ඒ සඳහා විවිධ ක‍්‍රමවලට රෝගියාට දුම් අල්ලනවා.

දුම් ඇල්ලීම සඳහා යොදා ගන්නේ විවිධ ඖෂධ වර්ග . ස්නික්ධ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ යම් රෝගියකුගේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍යයයන්, අපද්‍රව්‍යයයන් මෙන්ම සෙම් කොටස් ඒවා බැඳි ඇති ස්ථාන වලින් බුරුල් කර ගැනීමයි.

‘ස්වේධ ‘ කිරිම මගින් ශරීරයේ විවිධ ස්ථානවල ඝනවී ඇති එම අප ද්‍රව්‍ය ලිහිල් තත්ත්වයකට මෙන්ම ගලායාමේ ස්වභාවයකට පත් කර ගනු ලබනවා.

පුර්ව කර්ම වලට අයත්වන මෙම ‘ස්නික්ධ’ කිරීම සහ ‘ ස්වේධ කිරීම’ ප‍්‍රධාන කර්ම වලට පහසුවක් වෙනවා.
‘ස්නික්ධ ‘කිරීමේදී තෙල් වර්ග කසාය වර්ග මෙන්ම කිරිවැනි ද්‍රව්‍ය ද භාවිතා වෙනවා.

ස්වේධ කිරීමේදී කිරිබත් සහිත පොට්ටනිවලින් තැවීමද රස්නය සහිත ස්ථානවල රඳවා තැබීම ද සිදුවෙනවා.
දැන් අපි “ ප‍්‍රධාන කර්ම “ පිළිබඳ තොරතුරු සොයා බලමු. ප‍්‍රධාන කර්ම යටතට චිකිත්සා ක‍්‍රම පහක් අයත් වෙනවා. පංචකර්ම ලෙස හැඳින්වෙන්නේ එම ක‍්‍රම පහයි. නස්‍ය කර්ම , වමන කර්ම, විරේචන කර්ම, වස්ති කර්ම සහ රක්ත මෝක්‍ෂණ කර්ම .

දැන් අපි පංචකර්ම යටතේ ඇති නස්‍ය කර්ම පිළිබඳව අවධානය යොමු කරමු. නස්‍ය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ හිස ආශි‍්‍රත ප‍්‍රදේශයේ පවතින්නා වු දෝෂ බැහැර කිරීමයි. නස්‍ය කිරීම ඉතා පරීක්‍ෂාකාරීව සහ නිවැරදිව කළ යුතුයි.

නස්‍ය කිරීමෙන් හිසේ හටගන්නා වු බොහෝ රෝග සුවකර ගත හැකියි. අපගේ හිස ආශි‍්‍රතව විශාල ස්වෝතස් ප‍්‍රමාණයක් තිබෙනවා. රුධිර නාල, ස්නායු අධික ලෙස හිස ආශි‍්‍රතව පිහිටන අතර කන් සිඳුරු, නාස් සිඳුරු, ඇස්, මුඛය සහ මොළය පිහිටන්නේත් හිස ආශ‍්‍රිතවයි.

මෙම ප‍්‍රදේශය ඉක්මනින් දූෂ්‍ය විය හැකියි. නස්‍ය කර්මය සඳහා ගනු ලබන ඖෂධ , නස්‍ය කර්මය කරනු ලබන ආකාරය ඒ ඒ රෝගියාගේ රෝග තත්ත්වය, ශරීර ස්වභාවය අනුව වෙනස් වෙනවා.

මුඛය ආශි‍්‍රතව නාසය ආශි‍්‍රතව විශේෂයෙන්ම කන් ඇසීම සම්බන්ධව ඇතිවන රෝග, නින්ද නොයාම , ඉරුවාරදය, අකලට හිස කෙස් පැසීම, හිස් කෙස් වැටීම , පීනස වැනි රෝගාබාධයන්ගෙන් මිදීමට සහ වැළැකී සිටීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා.

එසේම සමේ ඇතිවන වෙනස්කම් සම දුර්වර්ණ වීම, (යම් යම් ආසාදන තත්ත්වයන් වැනි ) ආදියත් නස්‍ය කර්ම මගින් සුව කර ගත හැකියි. වළක්වා ගත හැකියි. හොඳින් පෙනෙන, හොඳින් ඇසෙන , හොඳින් ගඳ සුවඳ දැනෙන තත්ත්වයක් ඇති කර ගැනීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා.

පංච කර්මයට ඇතුළත් මීළඟ අංගය වන්නේ වමන කර්මයයි. මෙයින් බලාපොරොත්තු වන්නේ අපගේ ශරීරයේ උරස් කුහරයේ ඇති දූෂිත සෙම සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමයි.

වමන කර්මයක් කිරීමට සූදානම් වීමේදීත් “ පූර්ව කර්ම “ කළ යුතුයි.

එසේම වමන කර්ම කිරීමට පෙර රෝගියාගේ ශරීරයේ සෙම වර්ධනය කළ යුතුයි. වර්තමානයේ දී එක් දිනකින් වමන කර්මය කළත් එයින් නිවැරදි ප‍්‍රතිඵල ලැබෙන්නේ නෑ. වමන කර්මය සඳහා රෝගියා නේවාසිකව දින 7 ක් තබාගෙන සෙම වඩන ආහාර දිය යුතුයි.

වමන කර්මය මගින් ශරීරයේ දෝෂ රැසක්ම පහව යනවා. වමන කර්මය සෑම පුද්ගලයකුටම සුදුසු වන්නේ නෑ.
වයස්ගත උදවිය, කුඩා ළමයින් ගර්භනී මව්වරුන් සහ හෘදරෝග අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ වලින් පෙළෙන අය සඳහා වමන කර්මය සුදුසු වන්නේ නෑ.

වමන කර්මයක් මගින් අපගේ ශරීරයට ප‍්‍රතිලාභ රැසක්ම ලබාගත හැකියි.උරස් කුහරය තුළ තිබෙන අක්මාව, ප්ලීහාව, අග්න්‍යාසය , පෙනහලු , හෘදය වැනි ශරීරයේ ප‍්‍රධාන අවයවයන් ශක්තිමත් වීමට වමන කර්මය උපකාර වෙනවා.

විශේෂයෙන්ම පෙනහලුවල තිබෙන දූෂිත කොටස් මේ මගින් බැහැර වෙනවා. සමේ ඇති දූෂිත ද්‍රව්‍ය බැහැර වී දීප්තිමත් සමක් ඇතිවීමට ද වමන කර්මය උපකාරී වෙනවා.

පංච කර්ම වල එන මීළඟ අංගය වන්නේ විරේචන කර්මයයි.

මෙයින් බලාපොරොත්තු වන්නේ උදරයේ ඉහළ ප‍්‍රදේශය ආශි‍්‍රතව තිබෙන දූෂ්‍ය කොටස් බැහැර කිරීමයි. මෙහිදී විශේෂයෙන්ම කුඩා සහ මහ අනුත‍්‍රවල තිබෙන අපද්‍රව්‍ය බැහැර වෙනවා.

හොඳින් ආහාර ජීර්ණයවීමට සහ අවශෝෂණය කර ගැනීමට ශරීරය සකස් කර ගැනීම සඳහා විරේචන කර්මය ඉතා ප‍්‍රයෝජනවත් .

මීළඟ ප‍්‍රධාන කර්මය වන්නේ “වස්ති කර්මය”යි. ඒ සඳහා ගුද මාර්ගයෙන් යම් යම් ඖෂධ ශරීරයට ඇතුළු කරනවා. එමගින් ශරීරයේ එම ප‍්‍රදේශයේ තිබෙන දෝෂ බැහැර කරගත හැකියි.

අංශභාග රෝගීන් සඳහාත් ස්නායු ආබාධ සහිත රෝගීන් සඳහාත් “ වස්ති කර්ම” වලින් හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකියි.

මුළු ශරීරය උද්දීපනය කිරීමේ හැකියාවක් “ වස්ති කර්ම “ සතුයි. සමේ හටගන්නා කුෂ්ට , වන, දද, වැනි රෝග සුවපත් කොට දීප්තිමත් සමක් ඇත


නෙල්ලි වල විශ්මිත ගුන

නෙල්ලි වල විශ්මිත ගුණ

     
නෙල්ලි ඝර්ම කලාපීය සදාහරිත ශාකයකි. නමුත් උප ඝර්මකලාපීය රටවලදී වසරේ එක් කාල සීමාවකදී පැරණි පත්‍ර වැටී නව පත්‍ර ඇති වේ. “ඛෙහෙත් නෙල්ලි” ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන නෙල්ලි විටමින් සී අධික පලතුරක් ලෙස වඩාත් ප්‍රචලිතය. පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස සැලකිය හැකි මෙහි නැවුම් පලතුරු පල්ප ග්‍රෑම් 100 ක විටමින් සී මිලි ග්‍රෑම් 250 - 1,800 ක් පමණ අඩංගුය. මෙහි ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක හා පොලිෆීනෝලද අඩංගු වේ. එමෙන්ම නෙල්ලි ඖෂධීය ගුණයෙන්ද ඉතා අනූන අතර එහි සියළුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්තය. නෙල්ලි වලින් විවිධ නිෂ්පාදන රාශියක් සකස් කළ හැකිය. නෙල්ලි වල ඖෂධීය ගුණය ආයූර්වේද පොත පතෙහි මනාව සඳහන් කොට ඇති අතර සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා මෙහි ඇති වැදගත්කමද හොදින් හඳුනාගෙන ඇත. එමෙන්ම නෙල්ලි තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස පහකින් සමන්විත වන බවද සැලකේ.

නෙල්ලි වගා කිරීමට පහසු, ගිනි ගැනීම් වලට ඔරොත්තු දෙන, තදබල රෝග හා පළිබෝධ හානි වලින් තොර, අවම වගා පාලන තත්ත්ව යටතේ වුවද හොඳින් වර්ධනය වන බෝගයකි. මෙය ගෙවතු බෝගයක් ලෙස ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ ජනප්‍රිය වන අතර ඉන්දියාවේ වාණිජ වගාවන් දක්නට ලැබේ. ශ්‍රි ලංකාව තුළ ඖෂධීය හා පෝෂණීය ගුණයෙන් සපිරි පලතුරක් ලෙස වසර පුරාම වාගේ සාමාන්‍ය වෙළදපොලෙහි නෙල්ලි දක්නට ලැබේ. මෙම නෙල්ලි සියල්ලම පාහේ නෙලා ගනු ලබන්නේ දැනට වියළි කලාපීය වනාන්තර වල තිඛෙන නෙල්ලි ශාක වලිනි. අතරමැදි හා තෙත් කලාපීය ප්‍රදේශ වල සමහර ගෙවතු වලද හොඳින් ඵල දරන නෙල්ලි ශාක දක්නට ඇති අතර ඔවුන් වාර්ෂිකව ඒවා අලෙවියෙන් හොඳ ආදායමක් ලබයි
දේශීය නෙල්ලි වල ඵල වල ප්‍රමාණය සහ බරෙහි විශාල විවිධත්වයක් දක්නට ලැබේ. මේ අනුව දේශීය නෙල්ලි ගෙඩියක බර ග්‍රෑම් 4.2 - 11.3 පමණ වේ. මෙරටට විදේශීය රටවලින් හඳුන්වාදී ඇති නෙල්ලි විශේෂයන්හි ගෙඩියක බර ග්‍රෑම් 14.8 - 45 ක් පමණ වේ. ජනතාව විශාල ගෙඩි සඳහා වැඩි කැමැත්තක්
දක්වන අතර කුඩා ගෙඩි වලට වඩා ඒවායේ වෙළදපල මිලද ඉහළ අගයක් ගනී.

දේශගුණය


නෙල්ලි ස්වාභාවිකව ඝර්ම කලාපීය හා උප ඝර්ම කලාපීය දකුණු ආසියාතික වියළි ප්‍රදේශ වල සහ මිශ්‍ර සදාහරිත වනාන්තර වල දක්නට ලැබේ. මෙහි සම්භවය නේපාලයේ දකුණු හිමාල පෙදෙසේත් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිට දකුණටත් ඉන්දියානු උප මහද්වීප රටවල් දක්වාත් පැතිර පවති. මේ රටවල් අතරට ශ්‍රි ලංකාව ද අයත් වේ. ශ්‍රි ලංකාව තුළ වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන්ම බිබිල, බදුල්ල, මොණරාගල, ගල්ඔය, බුත්තල, අනුරාධපුර, රත්නපුර හා පොළොන්නරුව ආදී ප්‍රදේශ වල වනාන්තර තුළ ස්වාභාවිකව නෙල්ලි වගාවන් දැකිය හැකිය. තෙත් කලාපයේද ගෙවතු, ප්‍රසිද්ධ ස්ථාන සහ මහා මාර්ග දෙපස නෙල්ලි හොඳින් වැඩී තිඛෙනු දැකගත හැකිය. නෙල්ලි ශාකය මේ අනුව වියළි හා සෞම්‍ය දේශගුණ තත්ත්ව වලදී හොදින් වර්ධනය වන අතර දැඩි ශෂක දේශගුණ තත්ත්ව වලට ඔරොත්තු දීමේ ලක‍ෂණ ද පෙන්වයි.

පෝෂණීය වටිනාකම

නෙල්ලි ඵල මාංශල ග්‍රෑම් 100 ක අඩංගු සංයුතියශක්තියකි. 
කැලරි 58
ජලය ග්‍රෑම්
81.3
ප්‍රෝටීන් ග්‍රෑම්
0.5
මේදය ග්‍රෑම්
0.1
කාබෝහයිඩ්රේට ග්‍රෑම්
13.7
තන්තු ග්‍රෑම්
3.4
ඛණිජ ලවණ මිලි ග්‍රෑම්
0.7
කැල්සියම් මිලි ග්‍රෑම්
50
පොස්පරස් මිලි ග්‍රෑම්
20
යකඩ මිලි ග්‍රෑම්
1.2
විටමින් ඒ මයික්‍රො ග්‍රෑම්
4.0
තයමින් මයික්‍රො ග්‍රෑම් 

ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්


මෙම සුපිරි පලතුරේ ඇන්ටි ඔක්සිඩ්න්ට්, විටමින් c අනෙකුත් බොහෝ පෝෂණයන් අඩංගු වෙනවා කියා ඉන්දියාවේ Pachouli Spa and Wellness Center හි පෝෂණ වේදීයෙකු වන ප්‍රීති සෙත් පවසනවා.
මෙහි ඇති ඖෂධීය ගුණ නිසා බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට හරිම ගුණදායකයි. එක නෙල්ලි ගෙඩියක් හෝ දෙකක් දිනකට ගැනීමද ගර්භණි අම්මා කෙනෙකුට ප්‍රමාණවත්. හොඳම දේ තමයි නෙල්ලි වියළි වුනත් පිටි ආකාරයට වුවත් එහි ගුණයන් නැසෙන්නේ නැහැ.
බොහෝ විට ගර්භණි සමයේ ඇතිවන සංකූලතා වලට නෙල්ලි හොඳ විසඳුමක් සෙත් පවසනවා.

1. ඔබේ හැඟීම් ශුභදායක කරනවා
ගර්භණි කාලයේ අම්මලාගේ mood එක නැතිනම් හැඟීම් සිතුවිලි වෙනස් වෙනවා. හොර්මෝන වල බලපෑම ඊට විශේෂම හේතුවක්. පුංචි දේටත් ව්‍යාකූල වෙන්න වගේම කලබලයටත් පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයන් සමනය කරන්න නෙල්ලි වලට පුළුවන්. එමගින් කෝපය සමනය කර ඔබව සන්සුන් කරනවා.

2. මළබද්ධය සමනය කරනවා
මළබද්ධය ගර්භණි කාලය තුළ සුලබ තත්වයක්. නෙල්ලි වල ඇති ජීරණය පහසු කරන ෆයිබර් අඩංගු නිසා වැසිකිළි යාම පහසු කරමින් මස්පිඩු සැහැල්ලු කරනවා. ඉන් ඔබට පහසුවක් දැනෙනවා.

3. තාවකාලික දියවැඩියාව
ගර්භණි කාලය තුළ ශරීරයේ ඉන්සියුලින් වල වෙනස් වීම් මත දියවැඩියා තත්වයන් ඇති විය හැකියි. නෙල්ලි වල ඇති දියවැඩියාව නැසීමේ ගුණය නිසා මෙලෙස එකවර ඇතිවෙන දියවැඩියා තත්වයන් ඇති වන්නේ නැහැ.

4. අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරනවා
නිතර නෙල්ලි කෑම නිසා අඩු වයසින් දරුවන්  ඇති වීමේ අවධානම අඩු කරන අතර ඉපදෙන දරුවාගේ බුද්ධි මට්ටම වර්ධනය කරනවා. ඒ වගේම දරුවා ඉපදුනු පසු මවට මව් කිරි නිෂ්පාදනයට ද උදවු වෙනවා.

5. පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතියට කදිමයි
හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය නිසා පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතිය වැඩි වීම සුලබ තත්වයක්. මේ මගින් හානියක් නොවුනත් මවට එය ඉතා අපහසුදායකයි. නමුත් නෙල්ලි යුෂ පානය මීට කදිම විසඳුමක්.

6. යකඩ වලින් පරිපූර්ණයි
ගර්භණි කාලය තුළ ඇතිවෙන රක්තහීනතාවයට නෙල්ලි හරිම ගුණදායකයි. ඒ මගින් ශරීරයේ හිමොග්ලොබින් පාලනයට, යකඩ උරා ගැනීමට උදවු වෙන්නේ එහි ඇති විටමින් c නිසයි. මේ නිසා ගැස්ට්‍රික් හා මළබද්ධය ඇතිවීම වළකයි.

7. UTI වැනි ආසාදන වලින් ආරක්ෂා කරයි
නෙල්ලි වල ඇති විටමින් c මගින් ආසාදනයන් සමග සටන් කිරීමට ශක්තිය ලැබෙනවා. සෙත් සඳහන් කරනවා. විශේෂයෙන් ගර්භණි සමය තුළ මුත්‍රා අසාදන ඇතිවීමත් වැළක්වීමට නෙල්ලි කදිමයි.



ඔලිව් තෙල්

ඔලිව් තෙල්


රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විටඔලිව් තෙල් කියන්නේ නිතරම කියවෙන නාමයක්. රුව හැඩ කරන්න පමණක් නෙවෙයි ඔලිව් තෙල් සතුව සුවිශේෂ ඖෂධීය ගුණ රාශියකුත්  තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් ලබා ගත හැකි වාසි පිළිබඳව කතා බහ කෙරෙණු ඇති.

හෘද රෝග

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඔෟෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඔෟෂධයක්.

ඔස්ටියෝපොරෝසිස්

ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.

දියවැඩියාව

ශරීරයට හිතකර සන්තෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි කාබෝහයිඩේ්‍රට්, ජලයේ දියවන කෙඳී සහිත පලතුරු, එළවළු හා ධාන්‍ය වර්ගද දියවැඩියා අවදානම පාලනය කරයි. මේ අකාරයටම ඔලිව් තෙල් රුධිරගත සීනී මට්ටම පාලනය කිරීමටද උපකාරී වෙයි.

සම

ඔලිව් තෙල්, ලුණු ස්වල්පයක් සමඟ මිශ්‍ර කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් හා වයිට් හෙඩ්ස්වලට සත්කාරයක් ඔබටම සාදා ගත හැකියි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණයද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරට ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නිරෝගී පැහැපත් බවක් ලබා ගන්නත් හැකියාව පවතියි.

ඉස්හොරි

වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගි බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකියි.
ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නා නමුත් එය වැරදි ක්‍රියාවක්. මොකද රත් කිරීම මගින් ඔලිව් තෙල්වල ඇතුලත් ගුණයන් නැසී යනවා.
  කිරීම් ඔෟෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඔෟෂධයක්.


ඔස්ටියෝපොරෝසිස්

ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.
   
ඔලිව් තෙල් කියන්නේ සෑම මුළුතැන් ගෙදරකම වගේ ආහාර පිසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්. හැබැයි ඔබ දැන සිටියාද, ඔලිව් තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කළ හැකි විශිෂ්ඨතම අමුද්‍රව්‍යයක් බව? මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ඒ රුව වඩන වාසි ගැනයි.

1) ඔලිව් තෙල් ස්නානය
ඔබේ නාන බඳුනට ඔලිව් තෙල් බිංදු කීපයක් එකතුකරන්න. සමට හිතකර ප්‍රතිඔක්සිකාරයන් ඔලිව් තෙල් වල අඩංගුවෙනවා. හැබැයි ස්නානය අවසානයේ ඔබේ නාන බඳුන පිරිසිදු කරන්න අමතක කරන්න එපා.

2) තුවාල හා සීරීම් සඳහා
වැස්ලීන් ස්වල්පයක් හා ඔලිව් තෙල් ටිකක් මිශ්‍ර කරන්න. තුවාල හා සීරීම් සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් ඔබට මෙය භාවිතා කරන්න පුළුවන්. මෙමඟින් තුවාල හා සීරීම් වල සුවවීම වේගවත්වෙනවා.

3) ඉරි තැලුනු සම සඳහා
ඔබේ මෘදු සම වියලි සුලඟ හමුවේ වියලී ඉරි තැලෙනවා. එමඟින් සමට හානිවෙන බව ඔබ දන්නවානෙ. මෙයට පිළියමක් ලෙස ඔබට ඔලිව් තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැලීම් සඳහාත් ගුණදායකයි.

4) මුහුණේ අලංකරණයන් ඉවත්කිරීමට
ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇති විවර වැසෙන්නේ නෑ. මුහුණේ ඇති කුණු, දූවිලි, හා අලංකරණයන් ඉවත් කිරීම සඳහා පුළුන් බෝලයකට ඔලිව් තෙල් පොඟවා භාවිතාකරන්න.

5) සමේ තෙතමනය සඳහා
සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කරගැනීම සඳහා ඔබට ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්.

6) සමේ රැලිවැටීම් අවම කරයි
ඔලිව් තෙල් වල විටමින් E අඩංගුවෙනවා. සම වියපත් වීම පාලනය කිරීමට විටමින් E වලට ඇති හැකියාව සනාථ වෙලයි තියෙන්නේ. සම මෘදු කරනවා වගේම හිරු එළියෙන්ද ඔබේ සම ආරක්ෂා කරනවා.

7) මුහුණේ සමට ගුණදෙන සත්කාරයක්
රූපලාවන්‍ය නිෂ්පාදන රැසක ඔලිව් තෙල් අඩංගුවෙනවා. ඉතින් ඔබට ඔලිව් තෙල් භාවිතාකර නිවසේදීම මුහුණට සත්කාරයක් හදාගන්න පුළුවන්. අඹරාගත් පිපිඤ්ඤා ගෙඩියක්, කිරි මේස හැන්ඳක් හා ඔලිව් තෙල් මිශ්‍ර කර මේ සත්කාරය හදාගන්න.

8) කෙස් කළඹේ රැලි ඉවත්කිරීම සඳහා
නෑමෙන් පසුව කෙස් කළඹ හොඳින් වේලාගන්න. පසුව ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වන්න. එමඟින් ඔබේ කෙස් කළඹේ ඇති අනවශ්‍ය රැලි හා බොකටු ගතිය අඩුකරගන්න පුළුවන්. කෙස් කළඹට දිස්නයක්ද ලැබෙනවා.

9) ඉස්සොරි සඳහා
හිස කැසීම හා ඉස්සොරි වලින් ඔබත් පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුම. රාත්‍රියේ කෙස් කළඹට ඔලිව් තෙල් ගැල්වීම මඟින් කෙස් කළඹට අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා.

10) තොල්පෙති සඳහා සත්කාරයක්
ඔලිව් තෙල් හා සීනි මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් තොල්පෙති සෙමින් සම්භාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ කිරීමෙන් අත්වෙන වෙනස ඔබම අත්හදා බලන්න.

11) එක්සිමා හා කුෂ්ඨ සඳහා
ඖෂධීය ගුණ ඇති ඔලිව් තෙල් සමේ මේ තත්වයන් සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන්. රෝගකාරක බීජ නිවාරණය කිරීමේ හැකියාවන් ඔලිව් තෙල් වලට තියෙනවා. දිනකට දෙපාරක් මේ සම්භාහනය කරන්න.

12) නියපොතු ආසන්නයේ හම යෑම සඳහා
විටමින් E අඩංගු ඔලිව් තෙල් දිනකට කීප වතාවක් ගැල්වීමෙන් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්.

13) ඇස් යට පිපුමට
රෑ නින්දට යාමට පෙර ඇස් යට ඔලිව් තෙල් ගල්වන්න. ඔබට හොඳ ප්‍රථිඵල අත්වෙයි.

14) මේකප් බුරුසුව පිරිසිදු කිරීමට
සබන් හා ඔලිව් තෙල් මිශ්‍රකරන්න. එයින් බුරුසුව සේදීමෙන්, බුරුසුවේ ඇති බැක්ටීරියා ඉවත්වෙනවා වගේම එහි සිනිඳු බවත් ආරක්ෂාවෙනවා.

15) නියමහ සඳහා
ඔබේ නියපෙලේ ලස්සන පවත්වාගැනීමට සතියකට කීප වතාවක් ඔලිව් තෙල් ගල්වන්න. ඔබේ නියපෙලේ සෞඛ්‍ය ඉන් ආරක්ෂාවෙනවා.

16) හිසකෙස් වර්ධණයට
කෙස් අග පැළීමට, හානිවීම වලට හා වර්ධණය වීම් සඳහා සතියකට තුන්වරක් ඔලිව් තෙල් ගල්වන්න.

17) රෝම ඉවත්කිරීම සඳහා
ශේවින් ක්‍රීම් එක වෙනුව ඔබට ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්.

18) කලාඳුරු ඉවත් කිරීමට
බිංදු කීපයක් කන තුලට වක්කිරීම මඟින් කලාඳුරු ඉවත්වෙනවා.

19) ෂැම්පූ කිරීමට පෙර
පසුදා ඔබ කෙස් කළඹ සෝදනවා නම් රාත්‍රියේ කෙස් අගට ඔලිව් තෙල් ගල්වන්න. කෙස් කළඹේ හානි සුව වී වර්ධණය වැඩිවෙනවා.

20) පරිබෝජනයට
ඔලිව් තෙල් පරිබෝජනය මඟින් ඔබට සෞඛ්‍ය වාසි රැසක් අත්කරගන්න පුළුවන්.


බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික්

බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික්


තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ.

බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ.

රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී.ඒ. පෙරේරා මහත්මිය ‘ලංකාදීපය‘ ට අදහස් දැක්වූයේ මේ අයුරිනි.

‘දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පි‚ස මස්වර්ග අනුභව කරනවා. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ප්‍රධාන වශයෙන් මස්වල ප්‍රෝටීන, මේදය, කොලෙස්ටරෝල්, සෝඩියම් සහ පොටෑසියම් වැනි සංඝටක අඩංගුවෙනවා.  මස් පිළිබඳව කතා කරන විට වැඩි වශයෙන් ජනතාව ආහාරයට ගන්නා මස්වර්ගය ලෙස කුකුළු මස්වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා.

‘ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පි‚ස යොදාගන්නවා. කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළා. සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික අඩංගු සංඝටක ලබාදෙනවා. කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනවා. ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික අඩංගු සංඝටකය ලබාදුන්නද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වෙනවා.

‘සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණා.‘
‘මෙම පර්යේෂණයෙන් තහවුරු වන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමයි. මෙවැනි විස ආසනික දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.‘

පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක් යොදාගෙන සිදුකෙරි‚. ඉදිරියේදී මෙය තවත් පුළුල් මට්ටමින් සිදුකිරීමටත් මිනිස් සිරුරට ඇතිවන බලපෑම පිළිබඳව පුළුල්ව පර්යේෂණ සිදුකිරීමටත් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.


සිංහල සාහිත්‍යයේ නිරූපිත හෙළ වෙදකම හා බුදු දහම   දේශීය වෙදකමෙහි ආරම්භය පිළිබදව නිශ්චිත දින වකවානු දැක්විමට අපොහොසත් වුවත් ජනප්‍රවාද හා ...