ස්ක්‍රීන් මුද්‍රණ කලාව යනු කුමද්ද
ස්ක්‍රීන් මුද්‍රණය යනු ලී හෝ අලුමිනියන් මගින්
සෑදු රාමුවක් ආදාරයෙන් කරනු ලබන මුද්‍රණ ශිල්පී ක්‍රමයකි. රාමුවට සවි කර ඇති දැල මත තීන්ත දමා තෙරපීමෙන්
එහි ඇති සිදුරු හරහා තීන්ත ගලා ගොස් ඕනෑම මතුපිටක් මත එහි ඇති රූපය මුද්‍රණය කර ගත
හැකිය. තවද එකම රුපය බොහෝ වාර ගණනක් පිටපත් කර ගත
හැකිය.මෙම
මුද්‍රණ ක්‍රමය අද වන විට ලංකාව තුල ජනප්‍රිය මුද්‍රණ ශිල්පයක් ලෙස අද වනවිට පත්ව
ඇත මේ පිලිබදව මෙතැන් සිට මෙම මුද්‍රණ ශිල්පය පිළිබදසොයා බැලීම මෙසේ සිදු කරයි.
ශක්තිමත්
රාමුවකට තදින් ඇද අලවා ගත සියුම් තීරයකට screen mesh සවි කරගත් අච්චුවක් stencil හරහා තීන්ත තෙරපීමෙන් යටින් ඇති කඩදාසියක්,රෙදි කැබැල්ලක් හෝ වෙනත් මාධ්‍යයක් මත මුද්‍රණ
ඕනෑම ගණනක් ලබා ගත හැකි මාධ්‍යය ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය නම් වේ.තිරය හරහා තීන්ත තෙරපා හැරීම සදහා භාවිතා කරන
පොලිමර් රබර් වලින් සාදන ලද උපකරණය ස්කුජි (Squeegee )යන නමින් හැදින් වේ.
වෙනත් බොහෝ මුද්‍රණ මාධ්‍යයන්ට වඩා හුරුබුහුටි
කමක් ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය සතුව ඇත. කඩදාසි රෙදි,ලි,විදුරු,ලෝහ,තහඩු,පිවිසි,ස්ටිකර්,ෂොපින් බෑග්, සිඩි,ඩිවිඩි,ලෙදර්,රෙක්සින්,ප්ලාස්ටික් බෑග් වැනි බොහෝ මාධ්‍යය මතුපිට මෙමගින් මුද්‍රණය ලබාගත හැක.එසේම ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පයේ මුලදර්ම මත
සකස් කරන ලද ඇති නවීන අධිවේගී මුද්‍රණ යන්ත්‍ර මෙන්ම ගෙදරදී සාදාගත හැකි කුඩා සරල උපකරණ ද ඇත. සුලුපරිමාන මුද්‍රණ කටයුතු සදහා මුද්‍රණ උපකරණ
කට්ටලයක් සාදා ගැනීමට එතරම් විශාල මුදලක් වැය නොවේ.ඉතා සුළු මුදලකින් මෙය ස්‌වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක්
ලෙස ආරම්භ කල හැකිය.
වර්තමානයේ හි අප රටෙහිද ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය
සදහා විශාල ඉල්ලුමක් ඇත.එදිනෙදා ජීවිතයේදී නිතර අපට හමුවන පෝස්ටර්, බැනර්, ටී ෂර්ට්, බිත්ති මත මුද්‍රණ සැරසිලි, ආදීය පමණක් නොව මුහුණ බලන කන්නාඩි ආදිය මුද්‍රණය
කර ඇත්තේ මෙම මාධ්‍ය භාවිතා කිරීමෙනි.මෙයට අමතරව විසිටින් කාඩ්, ලෙටර් හෙඩ්ස්,ටිකර්, ප්ලාස්ටික්, ලෝහ තහඩු, වෙඩින් කාඩ්, වෙඩින් කේක් පෙට්ටි,කැලැන්ඩර් ,ඩයරි සහතික පත්, පොටෝ මවුන්ට්, ෆයිල් කවර, වෙල්වට් රෙදි වර්ග, පෑන් පැන්සල්, යන දෑ ස්ක්‍රීන් මුද්‍රණය තුලින් මුද්‍රණය කල
හැකිය.එබැවින් මෙම ස්ක්‍රීන් මුද්‍රණ ක්‍රමය ඉගෙන
ගැනීමෙන් ඕනෑම අයෙකුට ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කර දක්ෂතාව මත හා
පළපුරුද්ද මත හොද ආදායම් උපයා ගතහැකි වනු ඇත.

