ඔලිව් තෙල්
රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විටඔලිව් තෙල් කියන්නේ නිතරම කියවෙන නාමයක්. රුව හැඩ කරන්න පමණක් නෙවෙයි ඔලිව් තෙල් සතුව සුවිශේෂ ඖෂධීය ගුණ රාශියකුත් තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් ලබා ගත හැකි වාසි පිළිබඳව කතා බහ කෙරෙණු ඇති.
හෘද රෝග
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඔෟෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඔෟෂධයක්.
ඔස්ටියෝපොරෝසිස්
ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.
දියවැඩියාව
ශරීරයට හිතකර සන්තෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි කාබෝහයිඩේ්‍රට්, ජලයේ දියවන කෙඳී සහිත පලතුරු, එළවළු හා ධාන්‍ය වර්ගද දියවැඩියා අවදානම පාලනය කරයි. මේ අකාරයටම ඔලිව් තෙල් රුධිරගත සීනී මට්ටම පාලනය කිරීමටද උපකාරී වෙයි.
සම
ඔලිව් තෙල්, ලුණු ස්වල්පයක් සමඟ මිශ්‍ර කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් හා වයිට් හෙඩ්ස්වලට සත්කාරයක් ඔබටම සාදා ගත හැකියි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණයද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරට ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නිරෝගී පැහැපත් බවක් ලබා ගන්නත් හැකියාව පවතියි.
ඉස්හොරි
වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගි බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකියි.
ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නා නමුත් එය වැරදි ක්‍රියාවක්. මොකද රත් කිරීම මගින් ඔලිව් තෙල්වල ඇතුලත් ගුණයන් නැසී යනවා.
කිරීම් ඔෟෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඔෟෂධයක්.
ඔස්ටියෝපොරෝසිස්
ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.
ඔලිව් තෙල් කියන්නේ සෑම මුළුතැන් ගෙදරකම වගේ ආහාර පිසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්. හැබැයි ඔබ දැන සිටියාද, ඔලිව් තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කළ හැකි විශිෂ්ඨතම අමුද්‍රව්‍යයක් බව? මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ඒ රුව වඩන වාසි ගැනයි.
1) ඔලිව් තෙල් ස්නානය
ඔබේ නාන බඳුනට ඔලිව් තෙල් බිංදු කීපයක් එකතුකරන්න. සමට හිතකර ප්‍රතිඔක්සිකාරයන් ඔලිව් තෙල් වල අඩංගුවෙනවා. හැබැයි ස්නානය අවසානයේ ඔබේ නාන බඳුන පිරිසිදු කරන්න අමතක කරන්න එපා.
2) තුවාල හා සීරීම් සඳහා
වැස්ලීන් ස්වල්පයක් හා ඔලිව් තෙල් ටිකක් මිශ්‍ර කරන්න. තුවාල හා සීරීම් සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් ඔබට මෙය භාවිතා කරන්න පුළුවන්. මෙමඟින් තුවාල හා සීරීම් වල සුවවීම වේගවත්වෙනවා.
3) ඉරි තැලුනු සම සඳහා
ඔබේ මෘදු සම වියලි සුලඟ හමුවේ වියලී ඉරි තැලෙනවා. එමඟින් සමට හානිවෙන බව ඔබ දන්නවානෙ. මෙයට පිළියමක් ලෙස ඔබට ඔලිව් තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැලීම් සඳහාත් ගුණදායකයි.
4) මුහුණේ අලංකරණයන් ඉවත්කිරීමට
ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇති විවර වැසෙන්නේ නෑ. මුහුණේ ඇති කුණු, දූවිලි, හා අලංකරණයන් ඉවත් කිරීම සඳහා පුළුන් බෝලයකට ඔලිව් තෙල් පොඟවා භාවිතාකරන්න.
5) සමේ තෙතමනය සඳහා
සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කරගැනීම සඳහා ඔබට ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්.
6) සමේ රැලිවැටීම් අවම කරයි
ඔලිව් තෙල් වල විටමින් E අඩංගුවෙනවා. සම වියපත් වීම පාලනය කිරීමට විටමින් E වලට ඇති හැකියාව සනාථ වෙලයි තියෙන්නේ. සම මෘදු කරනවා වගේම හිරු එළියෙන්ද ඔබේ සම ආරක්ෂා කරනවා.
7) මුහුණේ සමට ගුණදෙන සත්කාරයක්
රූපලාවන්‍ය නිෂ්පාදන රැසක ඔලිව් තෙල් අඩංගුවෙනවා. ඉතින් ඔබට ඔලිව් තෙල් භාවිතාකර නිවසේදීම මුහුණට සත්කාරයක් හදාගන්න පුළුවන්. අඹරාගත් පිපිඤ්ඤා ගෙඩියක්, කිරි මේස හැන්ඳක් හා ඔලිව් තෙල් මිශ්‍ර කර මේ සත්කාරය හදාගන්න.
8) කෙස් කළඹේ රැලි ඉවත්කිරීම සඳහා
නෑමෙන් පසුව කෙස් කළඹ හොඳින් වේලාගන්න. පසුව ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වන්න. එමඟින් ඔබේ කෙස් කළඹේ ඇති අනවශ්‍ය රැලි හා බොකටු ගතිය අඩුකරගන්න පුළුවන්. කෙස් කළඹට දිස්නයක්ද ලැබෙනවා.
9) ඉස්සොරි සඳහා
හිස කැසීම හා ඉස්සොරි වලින් ඔබත් පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුම. රාත්‍රියේ කෙස් කළඹට ඔලිව් තෙල් ගැල්වීම මඟින් කෙස් කළඹට අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා.
10) තොල්පෙති සඳහා සත්කාරයක්
ඔලිව් තෙල් හා සීනි මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් තොල්පෙති සෙමින් සම්භාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ කිරීමෙන් අත්වෙන වෙනස ඔබම අත්හදා බලන්න.
11) එක්සිමා හා කුෂ්ඨ සඳහා
ඖෂධීය ගුණ ඇති ඔලිව් තෙල් සමේ මේ තත්වයන් සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන්. රෝගකාරක බීජ නිවාරණය කිරීමේ හැකියාවන් ඔලිව් තෙල් වලට තියෙනවා. දිනකට දෙපාරක් මේ සම්භාහනය කරන්න.
12) නියපොතු ආසන්නයේ හම යෑම සඳහා
විටමින් E අඩංගු ඔලිව් තෙල් දිනකට කීප වතාවක් ගැල්වීමෙන් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්.
13) ඇස් යට පිපුමට
රෑ නින්දට යාමට පෙර ඇස් යට ඔලිව් තෙල් ගල්වන්න. ඔබට හොඳ ප්‍රථිඵල අත්වෙයි.
14) මේකප් බුරුසුව පිරිසිදු කිරීමට
සබන් හා ඔලිව් තෙල් මිශ්‍රකරන්න. එයින් බුරුසුව සේදීමෙන්, බුරුසුවේ ඇති බැක්ටීරියා ඉවත්වෙනවා වගේම එහි සිනිඳු බවත් ආරක්ෂාවෙනවා.
15) නියමහ සඳහා
ඔබේ නියපෙලේ ලස්සන පවත්වාගැනීමට සතියකට කීප වතාවක් ඔලිව් තෙල් ගල්වන්න. ඔබේ නියපෙලේ සෞඛ්‍ය ඉන් ආරක්ෂාවෙනවා.
16) හිසකෙස් වර්ධණයට
කෙස් අග පැළීමට, හානිවීම වලට හා වර්ධණය වීම් සඳහා සතියකට තුන්වරක් ඔලිව් තෙල් ගල්වන්න.
17) රෝම ඉවත්කිරීම සඳහා
ශේවින් ක්‍රීම් එක වෙනුව ඔබට ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්.
18) කලාඳුරු ඉවත් කිරීමට
බිංදු කීපයක් කන තුලට වක්කිරීම මඟින් කලාඳුරු ඉවත්වෙනවා.
19) ෂැම්පූ කිරීමට පෙර
පසුදා ඔබ කෙස් කළඹ සෝදනවා නම් රාත්‍රියේ කෙස් අගට ඔලිව් තෙල් ගල්වන්න. කෙස් කළඹේ හානි සුව වී වර්ධණය වැඩිවෙනවා.
20) පරිබෝජනයට
ඔලිව් තෙල් පරිබෝජනය මඟින් ඔබට සෞඛ්‍ය වාසි රැසක් අත්කරගන්න පුළුවන්.

Ela
ReplyDelete👌👌
ReplyDelete👌👌
ReplyDelete