Tuesday, July 10, 2018

කරපිංචා ශාකය

කරපිංචා ශාකය

කරපිංචා කොළ එළකිරෙන් තම්බා අඹරා ගෑම බිබිලි සහිත චර්ම රෝගවලට අගනා ඔසුවකි.
කරපිංචා කොළ කැඳ බීමට දෙන්නේ සර්ප විෂ සමනයටය. මෙම විෂනාශක ගුණය නිසාම මී විෂ, සෙංගමාලය වැනි අවස්ථාවලදීත් කොළ කැඳ ලෙස දීම සුදුසුයි. බඩ බුරුල්ව යාමේ දී කරපිංචා දළු මී පැණියෙන් අඹරා දෙනු ලැබේ. මෙයම ලේ පිටවන අර්ශස් රෝගයට ද සුදුසුයි. පිත් වමනයට කුඩුකරගත් කරපිංචා ගසේ පොතු තේ හැන්දක් ඇල්වතුරින් දීම සුදුසුයි.

කරපිංචාවල පෝෂණික ගුණ නිසා හිසකෙස් පැසීම වලකාලයි. මෙමඟින් තැනූ චට්නි හෝ එළගිතෙල් මිශ්‍ර කළ කරපිංචා කොළ කුඩු ආහාරයට ගැනීම වඩා සුදුසුයි. පොල්තෙල් සමඟ කරපිංචා යොදා සකස් කළ තෙල් හිස ගැල්වීමෙන් කෙස්වල වර්ධනය සේම නිරෝගී බව ද ලැබේ.

මේරූ කරපිංචා කොළ 10 බැගින් දිනකට ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව පාලනය කරගත හැකිය. එය අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට මහත් සහනයක් ගෙන දෙන්නකි. කරපිංචාවල මුත්‍රකාරක ගුණය නවීන පර්යේෂණවලින් හෙළිවී ඇත.

වර්තමානයේ දී හෘද රෝග වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස කරපිංචා විවිධ ආකාරයෙන් ආහාරයට ගැනීමට ජනතාව උනන්දු වන බව පෙනේ. විශේෂයෙන් කරපිංචාවල රුධිරගත කොලෙස්ටරෝල් අඩු කිරීමේ ශක්තියක් ඇති බව හෙළිවී තිබේ. කරපිංචා දළු සම්බෝලය හෝ ලුණු මිරිස, කරපිංචා, සුදුළූණු සම්බෝලය ආදී වශයෙන් ආහාරයට කරපිංචා එක්කර ගැනීම සුදුසු බව නිර්දේශ කළ හැකිය. එසේම කරපිංචා විෂ නාශක ගුණයක් ඇති කොළ කැඳ සඳහා ඉතා ප්‍රණීත පානයක් ලෙසත් ගැනීමට අද ජනතාව හුරුවී ඇත.

* මේදය අධික(කොලෙස්ටර්රෝල්) ඔබටකරපිංචා දිව්‍ය ඔෟෂධයකි
කරපිංචා කොළ හොඳින් වේළා මඳ පවනේ වේළන්න. එයට ඉඟුරුපියලි කිහිපයක් එකතු කොට වතුර ස්වල්පයක් එක්කර තම්බා බොන්න.
කරපිංචා පොතු, මුල්, නැටි ගෙන අරළු, බුළු, නෙල්ලි සමඟ තම්බා පානය කරන්න.
කරපිංචා කොළ කොටා යුෂගෙන හීනැටි හාල් සමඟ මිශ්‍ර කොට තම්බා බොන්න. කරපිංචා කොළ, උම්බලකඩ, රතුලූනු, පොල් දමා සම්බෝලයක් සේ සකස් කරගෙන ප්‍රධාන ආහාර වේල සමඟ ආහාරයට ගන්න.

* රුධිරය පිරිසුදු වීමට
කරපිංචා පොතු, සුදුලූනු, උළුහාල්, ගම්මිරිස්, මිශ්‍රකොට තම්බා බොන්න.
කරපිංචා ලුනු වතුරෙන් සෝදා තෙලෙන් බදින්න. පසුව කිරි හොද්දක් සකස් කර එයට බැදගත් කරපිංචා දමා පිස ආහාරයට ගන්න.

* සර්ප විසට
සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි.
කරපිංචා කොළ, කොහොඹ කොළ, එළ මුත්‍රා සමඟ කොටා ඉස්ම පෙවීමෙන් විස නැසේ.

* ස්නායු දුර්වලවීම, වායුගෙඩි
හට ගැනීම සහ බඩදැවිල්ලට
කරපිංචා කොළ, නැටි, පොතු, බාර්ලි වතුරෙන් තම්බා බොන්න.

* අර්ශස්, මලපහ පහසුවට.
කරපිංචා කොළ, කොහිල අල හීනියට කපා ගන්න. උළුහාල්, සුදුලූනු රතුලූනු දමා තම්බන්න. උදේ හිස්බඩට පානය කරන්න.

* පිපාසයට
කරපිංචා කොළ වේළා කරාබු නැටි, කුරුඳු පොත්තක් සමඟ හොඳින් කුඩුකරගෙන, කෝපි මෙන් පානය කරන්න.

* කෘමි කරදරේට
කරපිංචා පැළයක් ‍ සිටුවීමෙන් ඉන් වහනය වන සුවඳට කුරුමිණියන් වැනි කෘමීන් අඩුවේ.

* දරුවන් වදන මවුවරුන්ට
කරපිංචා කොළ, ගම්මිරිස්, ඇට, ගොරකා කැබැල්ලක්, මිරිස් කරලක්, අඹරා කෑමෙන් ගර්භාෂයේ තෙතමනය අඩුවෙයි. දරුවා බිහි කිරීමේදී වේදනා ගතිය දුරුවෙයි.

කරපිංචා යොදා කරන කෙම්

* ඇස්වල වේදනාවට
කරපිංචා කොළ, ‍ කොළ ගොටුකොළ තැඹිලි වතුරෙන් කොටා කතා නොකර උදෑසන 6.30 - 8.00 අතර විනාඩි 45ක් පමණ එය ඇස මත තබන්න. පසුව තැඹිලි වතුරෙන් සෝදා හරින්න. මෙය කතා නොකර සිදුකරන්න.

* කක්කල් කැස්සට
කරපිංචා දලු කිහිපයක් කතා නොකර කැඩීමෙන් හින්දාගත් පොල්තෙල්වලට දමා නැවත මඳ පවනේ වේළා පපුව ප්‍රදේශයේ හා බෙල්ලේ තවරන්න. (කතා නොකර)

* නිය පිරිත්ත දියවීමට හා පැසවීම
කතා නොකර කරපිංචා නැටි ගලක තබා තළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එයට කොහොඹ තෙල් ස්වල්පයක් එකතු කොට එම නියට බඳින්න.

* කල්ගිය හිසරදයට
කතා නොකර කරපිංචා දලු, කරාබුනැටි, ඉඟුරු, දෙහි ඇඹුලෙන් අඹරා කතා නොකර නළලට පැලැස්තරයක් මෙන් තබන්න.

* පණුගාය, බඩපිපීම, පෙකණිය වටා වේදනාව සහ කැසීම (කුඩා දරුවන්ටත් සුදුසුයි)
කරපිංචා පොත්ත ගසෙන් කපන්න. එවිට කරපිංචා ගසට හිතින් නමස්කාර කරන්න (කරපිංචා ගසේ ගුණෙන් රෝග සුවවේවා යැයි සිතින් ප්‍රාර්ථනා කරන්න.) පසුව මී පැණියෙන් ගල ගා දෙහි ඇඹුල් දමා පෙකණිය වටා සහ උදරය අවට ගාන්න........

No comments:

Post a Comment

සිංහල සාහිත්‍යයේ නිරූපිත හෙළ වෙදකම හා බුදු දහම   දේශීය වෙදකමෙහි ආරම්භය පිළිබදව නිශ්චිත දින වකවානු දැක්විමට අපොහොසත් වුවත් ජනප්‍රවාද හා ...