Saturday, July 7, 2018

#අභිරහසින් අනූන වූ මරණයේ මිටියාවත..

අභිරහසින් අනූන වූ මරණයේ මිටියාවත..

එක්සත් ජනපදයේ විශාලතම ජාතික උද්‍යානය මෙන්ම කලක් ලොවම අධිකම උෂ්ණත්වය වාර්ථා වූ ඩෙත් වැලී  (DEATH VALLEY ) හෙවත් මරණයේ මිටියාවතෙහි වාර්ෂික වර්ෂාපතනය අඟල් 2.36ක් පමණ වන අතර 1929,1953 සහ 1886 දී එතරම්වත් වර්ෂාවක් ලැබී නැහැ.මෙහි උපරිම උෂ්ණත්වය වාර්ථා වී ඇත්තේ ෆැරන්හයිට් අ0ශක 134 කි එනම් සෙල්සියස් අoශක 56ක වැනි ප්‍රමාණයක්,ඒ 1913 දී. ශීත කාලයේදී මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අoශක 40-70 අතර වෙයි.

ඩෙත් වැලී ඇයි මේතරම් උණුසුම අධික වන්නේ?


ප්‍රධාන හේතුව වන්නේ ආනතියයි.බොහෝ ප්‍රදේශ මුහුදු මට්ටමින් ද පහතින් පිහිටා ඇති අතර වෘක්ෂලතාද ඉතාම අල්පය.වාතයේ තෙතමනය -ආර්ද්‍රතාව අඩු නිසා හිරුකිරණින් ඉතා ඉක්මණින් වාතය රත්වේ.තවත් හේතුවක් නම් ප්‍රභානුපාතය. සැහැල්ලු වර්ණ ශක්තිය පරාවර්තනය කරන අතර අඳුරු වර්ණ ශක්තිය උරාගනී. එනම් උණුසුම.මරණයේ මිටියාවතේ භූමියේ බහුතරය අඳුරු වන අතර එමනිසා උණුසුමද වැඩි වේ.
භූ ලක්ෂණ අනුව මෙහි උස්ම ප්‍රදේශය අඩි 11,000ක උසකින් පිහිටි මුත් සුළo හමන්නේ කන්දේ සාමාන්‍යයෙන් සුළඟ හමන දෙසට විරුද්ධ අතට නිසා සිදුවන්නේ උෂ්ණත්වය වඩාත් වැඩිවීමකි.
මෙයට මේ නම ලැබී ඇත්තේ රත්‍රන් සොයා ගිය පිරිසකට මෙම පාළු මුඩුබිම හමුවීමත් සමඟය,ඒ 1849 දී
ඩෙත් වැලී ජාතික උද්‍යානයක් බවට පත්කළේ 1994 දී.
කඳවුරු බැඳීමට සුදුසු ස්ථාන 9ක් හඳුනාගෙන ඇති අතර භූමියේ සති 2ක් තම වාහනය තබාගැනීමට සoචාරකයකු ගෙවිය යුත්තේ ඩොලර් 20ක් පමණි.
මරණයේ මිටියාවතේ ඇති බෑඩ් වෝටර් බේසින් ඇමරිකාවේ ඇති පහත්ම වියළිම ස්ථානය වේ.එය මුහුදු මට්ටමේ සිට අඩි 282ක් පහළින් පිහිටා ඇත.
ඩෙත් වැලී හි අතැර දැමූ බිම් බෝම්බ 6000-10000 දක්වා ප්‍රමාණයක් ඇත.
මෙහි අද්භූත නගර කිහිපයක්ම ඇති අතර දහස් ගණනින් මිනිසුන් සිට ඇති බව වාර්ථා වේ. එක් අවස්ථාවකදී මෙම නගරවලට රත්‍රන් පැහැ කිරණක් පතිතවී එය අඩුව යත්ම එහි සිටි මිනිසුන්ද අතුරුදන්ව ඇති බව සැළකේ.
ලොව වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන ශාක වර්ග 50ක්  මෙන්ම කුරුළු වර්ග 300ක්, ක්ෂීරපායී සතුන් 51 ක්,උරග වර්ග 36ක් දකින්නට පුළුවන්
2014 දී මෙය නැරඹීමට පැමිණි සoචාරකයන්ගේ ප්‍රමාණය මිලියනයකට අධිකය.
ඩෙත් වැලී සැබවින්ම සැඟවුණු රහස් වලින් අනූන වූ අපූරු ස්ථානයකි.




3 comments:

සිංහල සාහිත්‍යයේ නිරූපිත හෙළ වෙදකම හා බුදු දහම   දේශීය වෙදකමෙහි ආරම්භය පිළිබදව නිශ්චිත දින වකවානු දැක්විමට අපොහොසත් වුවත් ජනප්‍රවාද හා ...