Saturday, July 7, 2018

බර්මියුඩා ත්‍රිකෝණය


බර්මියුඩා ත්‍රිකෝණය


ලොව තවමත් නොවිසිදුනු අභිරහස් වලින් එකක් ලෙස සැලෙකන බර්මියුඩා ත්‍රිකෝණය පිළිබදව ලොකු කුඩා සියළු දෙනාම දැන ගැනීමට උනන්දුවක් දක්වන කාරණයක්. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු.

ලෝක සිතියමේ පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ලැඛෙන ත්‍රිකෝණය බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil s Triangle) ලෙස හදුන්වයි. මෙම මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකිගඉන් සිදුවීම් කිහිපයක් ලෙස 1948 ජනවාරි 29 දින Star Tiger  ගුවන් යානය අතුරුදහන් වීම, 1963 අගෝස්තු 28 දින KC-135  වර්ගයේ ගුවන් යානා 02ක් අතුරුදහන් වීම , 1999 අප්‍රේල් 14 දින ටොන් 450ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම වැනි දෑ පෙන්විය හැක.

නමුත් මේ සියළු ගුවන් යානා, නෞකා වලට සිදුවු දෙයක් තවම සොයා ගෙන නොමැත. මෙහි බැරූරුම් කම කොතෙක්ද කියතෙත් වර්තමාණය වන විට බර්මියුඩා ත්‍රිකෝණය අසළින් ගමන් ගන්නා ගුවන්යානා හා නෞකා වලට රක්ෂණ ආවරණ ලබා දීම පවා රක්ෂණ සමාගම් වලින් ප්‍රතික්ශේප කර ඇත. නමුත් මෙයට හේතුව වශයෙන් විවිධ අනුමාණ කිරිම් පමණක් සිදුවී ඇති අතර තවමත් නිශ්චිත අර්තදැක්වීමක් සිදුවී නොමැත. මෙම අනුමාන කිරිම්ද පරස්පර විරෝධී අදහසු වීම හේතුවෙන් ඒවාගේද කොතරම් නිර්වද්‍යතාවයක් තිබේදැයි ගැටළු මතු වෙනවා.

• සජල මීතේන් සිද්ධාන්තය Methane Gas Hydrates Theory
• ගල්ෆ් දියවැල් සිද්ධාන්තය Gulf Stream Theory
• රෝග් දිය රැළි සිද්ධාන්තය Rogue Waves Theory
• හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය Hurricane Storm Theory
• චුම්බක ක්ෂේත්‍ර බලපෑම් සිද්ධාන්තය Electromagnetic Aberration Theory
• ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය Atlantis Abduction Theory
• කාල-අවකාශ තරණ සිද්ධාන්තය Space time Continuum Theory
• පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory ප්‍රධාන තැනක් ගන්නා සින්ධාන්ත වේ.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (Gas Pockets) ආකාරයටය. සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිග වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය. සජල මීතේන් සිද්ධාන්තය Methane Gas Hydrates Theory නම් වේ.

ගල්ෆ් දියවැල ලෙස හදුන්වන්නේ ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති, තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන නිසා බවයි.

1995 වසර වනතෙක්ම හුදෙක් සංකල්පයක් ලෙස පැවතුණු රෝග් දිය රැළි ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි. සාමාන්‍ය මුහුදු රැළි හා රෝග් රැළි අතර අනුපාතය 200,000.1 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක` විශාල සුළි කුණාටු හා අකුණු ගැසීම් නිසා මෙවැනි දිය රැළි ඇති වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින් හඳුනා ගැනීමට හෝ අනතුරු හැඟවීමට ක්‍රමයක් නොමැති වීමයි. ක්ෂණයකින් හට ගන්නා රෝග් රැළි ඊළග නිමේෂයේදී අතුරුදහන් වේ. මේ දිය රළකට හසු වන ඕනෑම ප්‍රමාණයක නැවක් සුළු මොහොතකදී කිසිදු සළකුණක් ඉතිරි නොකොට මුහුදුබත් විය හැකිය.

උදාහරණයක් ලෙස ගතහොත් මෙතෙක් මිනිසා නිපදවා ඇති විශාලතම නැව වන Knock Nevis  නෞකාව (මෙහි දිග අඩි 1503 කි. Knock Nevis නෞකාවේ දිග අඩි 882.5 ක් විය.) සම්පූර්ණයෙන්ම මුහුදේ ගිල්වා දැමීමට අඩි 157 ක් උසැති රෝග් දිය රළකට පුළුවන. මේ ආකාරයටම අහසේ පහළ මට්ටමක ගමන් ගන්නා ගුවන් යානයක් වුවද රෝග් දිය රළක ග්‍රහණයට හසු විය හැකිය. එහෙත් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශ වල රෝග් රැළි හට ගැනීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හට ගන්නා කුනාටු විශේෂයකි  හරිකේන් කුණාටු. වර්තමාන තාක්ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු ඇගවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින් උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක ඉරණමකි.

පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්‍රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශාගත වී පැවතුණද, පෘථිවියේ සමහර ස්ථාන වලදී දර්ශකය වෙනත් දිශා වලට හැරේ. සමහර විට කිසිදු දිශාවකට නොහැරේ. භෞතිකමය සංසිද්ධීන් නිසාද මාලිමා දර්ශක මෙවැනි හැසිරීම් රටා දක්වන බව මේ වනවිට සොයා ගෙන තිබේ.

උදාහරණයක් ලෙස ගෝබි කාන්තාරය දැක්විය හැකිය. ගෝබි කාන්තාරයේ කඳු වල ඇති පාෂාණ අධික ලෙස චුම්බක ගුණ දරන බැවින් එවැනි කඳු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ යම් අසාමාන්‍යතාවක් තිබිය හැකි බවත්, එනිසා අහස් යානා හා නැව් වල දිශාව සොයන උපකරණ දෝෂ සහගත වී ඔවුන් මංමුළා වන බවත් සමහර විද්‍යාඥයෝ පවසති.

තරමක් පිළි ගැනීමට අපහසු මතයක් ලෙස ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය හැදින්විය හැක.  ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ තිබී හමු වී තිබේ. මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද, එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස කරති.

නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස පණු කුහරල (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන්  ඒ දෙකහා බී යැයි සිතමු. ඔබ ඒ විවරයෙන් නළයට ඇතුළු වුවහොත් බී විවරයෙන් පිට වන්නේ ඒ  විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය.

නැතිනම් ඒ විවරය තිඛෙන ස්ථානයේම බී විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ බී  විවරයෙන් පිට වන්නේ ඒ විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත.
මෙම මතය උද්දීපනය කිරීමට සමත්, ප්‍රබල හා ඇසූවන් කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය.

පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory  මතයක් ලෙස දරන්නන්ගේ අදහස වනුයේ අතුරුදන් වන ගුවන් යානා හා නැව් සියල්ලම පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ගැවසෙන යම් පිටසක්වළ ජීව විශේෂයක් විසින් පැහැර ගනු හෝ විනාශ කර දමනු ලබන බව යි. එය තහවුරු කිරීමට ඔවුහු කරුණු කිහිපයක් ගෙන හැර දක්වති.

• බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම.

• අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම.

• බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම.

• (රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක පුංජයන් දක්නට ලැඛෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන් ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැඛෙන බවද කියැවේ.)

• පිටසක්වළ ජීවීන් බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් ගන්නා අහස් යානා හා නෞකා මිනිසුන් සමගම පැහැර ගෙන ගොස් පෘථිවිය පිළිබඳ අධ්‍යයනය කිරීමට යොදා ගනු විය හැකි බව හෝ බර්මියුඩා ප්‍රදේශයේ ඇති පිටසක්වළ ජීවීන්ට සම්බන්ධ යම් දෙයක් මිනිසුන් ට හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් යානා හා නැව් විනාශ කරනු ලබන බව මෙම මතධාරීහු අනුමාන කරති.

ඉහත සඳහන් මත වලට අමතරව, බර්මියුඩා මුහුදු කලාපයේ වාසය කරන, මෙතෙක් හඳුනා නොගත් අති දැවැන්ත සත්ත්වයෙක් (ලොක්නෙස් විලේ නෙසී වැනි) නිසා ගුවන් යානා හා නැව් අනතුරට ලක් වනු විය හැකි බවටද මත පළ කෙරේ.කෙසේ වුවද මේ සියල්ලම හුදෙක් අනුමාන කිරීම් ය. යම් දිනෙක බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්පූර්ණයෙන්ම හෙළිදරව් වන තුරු කළ හැකි එකම දෙය වනුයේ ඉහත සඳහන් මත වලින් වඩාත් නිවැරදි යැයි තමන්ට හැගෙන මතය භාර ගැනීම පමණි.


 

7 comments:

සිංහල සාහිත්‍යයේ නිරූපිත හෙළ වෙදකම හා බුදු දහම   දේශීය වෙදකමෙහි ආරම්භය පිළිබදව නිශ්චිත දින වකවානු දැක්විමට අපොහොසත් වුවත් ජනප්‍රවාද හා ...